ට්‍රම්ප්ගේ ආරක්ෂාවට වෙඩි නොවදින වීදුරුවක්

ඝාතන ප්‍රයත්නයකින් යන්තම් දිවි ගලවා ගැනීමෙන් මාසයක් ඉක්ම යද්දී, හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බදාදා (අගෝස්තු 21) සිය පළමු එළිමහන් ප්‍රචාරක රැළියේ දී වෙඩි නොවදින වීදුරුවක් පිටුපස සිට ජනතාව අමතා තිබෙනවා.

ට්‍රම්ප් මෙසේ වෙඩි නොවදින වීදුරුවක් පිටුපස සිට ජනතාව ඇමතුවේ උතුරු කැරොලිනාවේ ස්විං ප්‍රාන්තයේ රැළියක් අතරතුරදීය.

මෙම වෙඩි නොවදින වීදුරුවේ ආරක්ෂාව ට්‍රම්ප්ට ලැබෙන්නේ රහස් ඔත්තු සේවය ඔහුගේ ආරක්ෂාව වැඩි කිරීම සම්බන්ධයෙන් වන ඉල්ලීම් නොසලකා හරිමින් පවතින බවට පළවන චෝදනා මධ්‍යයේය.

පෙන්සිල්වේනියාවේ බට්ලර් ප්‍රාන්තයේදී ට්‍රම්ප්ගේ රැළියකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ඔහුගේ වම් කණ තුවාල වූ අතර එම රැළියට සහභාගී වී සිටි පුද්ගලයකු මිය ගොස් තිබුණා.

කෙසේ වෙතත් විශාල සමූහයක් ඉදිරියේ වෙඩි නොවදින කුටියක් තුළ සිටීමට ට්‍රම්ප් එතරම් කැමැත්තක් දක්වා නැහැ.

ඊට හේතුව එය ඔහු හා මිනිසුන් අතර සමීපතාවය දුරස් කරන්නනක් නිසා බවයි පැවසෙන්නේ.

බදාදා රැළිය අතරතුර යම් රෝගී ගැටලුවකින් පෙළුණු පුද්ගලයෙක් බැලීමට ඔහු සෙනඟ අතරට ගිය බව සඳහන් වෙනවා.

Latest News

More like this

මාතලේ මිනී ඇටකටු ගැන කියමින් මගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ උත්සහයක් පවතිනවා.. රෝහිණි කවිරත්න

88-89 වකවානුවේ හා එල්.ටී.ටී.ඊ සංවිධානය දළඳා මාළිගාවට එල්ල කළ...

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...
error: Content is protected !!