හම්බන්තොට බලය රාජපක්ෂලාගෙන් ගිලිහෙයි.. අනුරට වාර්තාගත ජයග්‍රහණයක් ලැබෙන පළාත තීන්දුයි

සැප්තැම්බර් 21 දින ලබන දැවැන්ත ජයග්‍රහණයෙන් පසු බිහි වන ජනතාවාදී ආණ්ඩුව තුළ ආණ්ඩුවක් යනු කුමදැයි මෙරට ජනතාවට පෙන්න්නුම් කරන බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

මේ වන විට රටේ බලය මෙහෙයවා ඇත්තේ ආණ්ඩු නොව පවුල් සහ කල්ලි බව ඔහු සඳහන් කළා.

“ඊට පස්සේ අපි මේ රටේ ජනතාවට පෙන්නනම් ආණ්ඩුවක් කියන්නේ මොකක්ද කියලා.මෙච්චර කල් ආණ්ඩු කියලා හිතන් ඉන්නේ මොනවද?මහජනයාගේ දේපළ සොරකම් කරනවා.ඒවා තමයි ආණ්ඩු.මහජනතාවගේ දේපළ නාස්ති කරනවා ඒවා තමයි ආණ්ඩු.රට වටේ ඉඩම් අල්ලගන්නවා ඒව තමයි ආණ්ඩු.ජනතාව බය කරනවා එහෙම තමයි ආණ්ඩු.පොලිසියට අත පොවනවා.එහෙම තමයි ආණ්ඩු.ජනතාව හිතන් ඉන්නවා ආණ්ඩු එහෙමයි කියලා.අපි පළවෙනි වතාවට පෙන්නනම් මේ රටේ ජනතාවට ආණ්ඩුවක් කියන්නේ මොකක්ද කියලා.”

2024 ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගයට රටේ ලොකුම ජයග්‍රහණය ලබා දෙන්නේ තිස්සමහාරාමයෙන් බව ද ඔහු මෙහිදී අවධාරණය කර සිටියා.

ඔහු මේ බව පැවසුවේ අද (24) පැවති ජාතික ජන බලවේගයේ තිස්සමහාරාමය ප්‍රදේශයේ පැවති ජන රැළියට සහභාගී වෙමින්.

එම රැළියට අති විශාල ජන සහභාගීත්යවක් දක්නට ලැබීම ද කැපී පෙනෙන සිදුවීමක් වුණා.

__tpx__

Latest News

More like this

‘දිට්වා’ විනාශය සුනාමියට වඩා දසගුණයකින් වැඩියි

'දිට්වා’ සුළි කුණාටුවෙන් රටට සිදු වූ ආර්ථික අලාභය 2004...

දිට්වා ගැන ඉන්දීය කාලගුණ අංශ පූර්ව අනතුරු ඇඟවුම් කළ බව ජ්‍යාත්‍යන්තර මාධ්‍ය රැසක් තහවුරු කරයි

දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ කාලගුණ අංශ මෙන්ම...

විපතක දී ඉතිහාසයේ ගෙවූ දැවැන්තම වන්දිය ජනපති අනුරගෙන්

ස්වභාවික ආපදාවකදී මෙතෙක් ඉතිහාසයේ රජයක් ලබා දුන් දැවැන්තම වන්දි...

හෙලිකොප්ටරයෙන් ගොඩ බැස්සේ 2029 පොදු අපේක්ක්ෂයා ද?

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන 'දිනේෂ් මුතුගල සර්' ආපදාවන්ට ලක්...