උතුරු නැගෙනහිර සංවර්ධනය සඳහා සජිත්ගෙන් ජාත්‍යන්තර ආධාර සමුළුවක්..

තමන් ජනාධිපති වුවහොත් යුද්ධයෙන් පීඩාවට පත් උතුරු සහ නැගෙනහිර පළාත්වලට සහය දැක්වීම සඳහා ජාත්‍යන්තර ආධාර සමුළුවක් කැඳවීමට සැලසුම් කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනය කර තිබෙනවා.

මෙම මුලපිරීම ඉතිරි පළාත් හතට ද ප්‍රතිලාභ ලබා හිමි කර දෙනු ඇතැයි ඔහු ප්‍රකාශ කළා.

ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

සිවිල් ආරක්‍ෂක අංශයේ නිලධාරීන් සංඛ්‍යාව අඩු කිරීමට වත්මන් රජය ගෙන යන ක්‍රියා කලාපය විවේචනය කළ ඔහු එම නිලධාරීන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ප්‍රබලම හඬ නැගුවේ සමගි ජන බලවේගය බව ද අවධාරණය කර සිටියා.

එමෙන්ම සමගි ජන බලවේගයේ රජයක් යටතේ රාජ්‍ය සේවකයින්ට ලබා දෙන වැටුප් වර්ධක සහ ප්‍රතිලාභ සිවිල් ආරක්ෂක නිලධාරීන්ට ලබා දෙන බවට ද පොරොන්දු වී තිබෙනවා.

ප්‍රේමදාස මහතා ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන අය සඳහා ඉහළ වැටුප් ලබාදීම, ආබාධිත නිලධාරීන් සඳහා අමතර ප්‍රතිලාභ සහ අසාධාරණ ලෙස සේවයෙන් ඉවත් කළ අය යළි සේවයේ පිහිටුවීමට ද මෙහි දී පොරොන්දු වුණා.

Latest News

More like this

රජයේ වෛද්‍යවරුන්ගෙන් අද සිට පිටින් බේත් ගන්න තුණ්ඩු නෑ

දිවයින පුරා සියලු‍ රෝහල්වල වෛද්‍යවරුන් පිටතින් ඖෂධ ගැනීම සඳහා...

ආරුගම්බේදී විදෙස් කතට අතවර කළ සැකකරු අත්අඩංගුවට

ආරුගම්බෙ ප්‍රදේශයේදී විදේශීය කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන්...

ගුරුවරියක් ලබා දුන් දඬුවමක් නිසා සිසුවියක් ජීවිතක්ෂයට !

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පල්ගාර්හි පෞද්ගලික පාසලක 6 වන ශ්‍රේණියේ...

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...