හම්බන්තොට බලය රාජපක්ෂලාගෙන් ගිලිහෙයි.. අනුරට වාර්තාගත ජයග්‍රහණයක් ලැබෙන පළාත තීන්දුයි

සැප්තැම්බර් 21 දින ලබන දැවැන්ත ජයග්‍රහණයෙන් පසු බිහි වන ජනතාවාදී ආණ්ඩුව තුළ ආණ්ඩුවක් යනු කුමදැයි මෙරට ජනතාවට පෙන්න්නුම් කරන බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

මේ වන විට රටේ බලය මෙහෙයවා ඇත්තේ ආණ්ඩු නොව පවුල් සහ කල්ලි බව ඔහු සඳහන් කළා.

“ඊට පස්සේ අපි මේ රටේ ජනතාවට පෙන්නනම් ආණ්ඩුවක් කියන්නේ මොකක්ද කියලා.මෙච්චර කල් ආණ්ඩු කියලා හිතන් ඉන්නේ මොනවද?මහජනයාගේ දේපළ සොරකම් කරනවා.ඒවා තමයි ආණ්ඩු.මහජනතාවගේ දේපළ නාස්ති කරනවා ඒවා තමයි ආණ්ඩු.රට වටේ ඉඩම් අල්ලගන්නවා ඒව තමයි ආණ්ඩු.ජනතාව බය කරනවා එහෙම තමයි ආණ්ඩු.පොලිසියට අත පොවනවා.එහෙම තමයි ආණ්ඩු.ජනතාව හිතන් ඉන්නවා ආණ්ඩු එහෙමයි කියලා.අපි පළවෙනි වතාවට පෙන්නනම් මේ රටේ ජනතාවට ආණ්ඩුවක් කියන්නේ මොකක්ද කියලා.”

2024 ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගයට රටේ ලොකුම ජයග්‍රහණය ලබා දෙන්නේ තිස්සමහාරාමයෙන් බව ද ඔහු මෙහිදී අවධාරණය කර සිටියා.

ඔහු මේ බව පැවසුවේ අද (24) පැවති ජාතික ජන බලවේගයේ තිස්සමහාරාමය ප්‍රදේශයේ පැවති ජන රැළියට සහභාගී වෙමින්.

එම රැළියට අති විශාල ජන සහභාගීත්යවක් දක්නට ලැබීම ද කැපී පෙනෙන සිදුවීමක් වුණා.

__tpx__

Latest News

More like this

අනුර Newsweek හරහා ජ්‍යාත්‍යන්තරයට ගහපු ගල..

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් පැවතුණු නොසන්සුන්කාරී සහ කැළඹුණු වාතාවරණය...

පොළොන්නරුවට අලුත් රජෙක් පහළ වේ..

ජාතික ජන බලයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා නිවාස...

චන්ද්‍රිකාගේ රු කෝටි 25ක පරිත්‍යාගය විමුක්ති දේශපාලනයට ගෙන ඒමේ මෙහෙයුමේ පළමු වෙඩිමුරයයි

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනිය ආපදාවෙන් විපතට පත්...

ශ්‍රී ලංකාව අපගේ පාලනයෙන් තොර අර්බුදයකට.. ජනපති Newsweek සඟරාවට අනාවරණය කරයි

ණය අර්බුදයකින් සහ දේශපාලන කැලඹීමකින් නැවත ගොඩනැගීමට උත්සාහ කරන...