කොල්කටා වෛද්‍යවරියගේ ඝාතකයාගේ CCTV එළියට.. බ්ලූටූත් ඩිවයිස් එකෙන් රහස් ගණනක් අනාවරණය වේ

කොල්කටාහි RG Kar වෛද්‍ය විද්‍යාලයේ සහ රෝහලේ 31 හැවිරිදි පුහුණු වෛද්‍යවරියක් දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විත්තිකරු වන සංජේ රෝයි වෛද්‍ය මධ්‍යස්ථානයේ සිව්වන මහලේ දේශන ශාලව පැවති කොටසේ කොරිඩෝවේ ඇවිද යන CCTV දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී.

එම දර්ශනවලට අනුව,අපරාධකරු එම නින්දිත ක්‍රියාව සිදු කළ බව කියනු ලබන අගෝස්තු 9 වන දින රාත්‍රියේ පැය කිහිපයකට පෙර රෝහලේ සිව්වන මහලේ කොරිඩෝව දිගේ සම්මන්ත්‍රණ කාමරය දෙසට ගමන් කරන ආකාරය සටහන් වී තිබෙනවා.

ඔහුගේ අතේ හෙල්මට් එකක් හා බෙල්ලේ බ්ලූටූත් ඉයර් ෆෝන් එකක් ද එම ඡායාරූපවල පැහැදිලිව දැකගත හැකියි.

රෝහලේ CCTV දර්ශන සහ අපරාධය සිදුවූ ස්ථානයෙන් සොයාගත් බ්ලූටූත් උපාංගය මෙම සිදුවීමේ ප්‍රබල සාක්ෂියක් බවට ඒ අනුව පත් වී තිබෙනවා. 

කොල්කටා පොලිසිය මොහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කරනු ලබන්නේ ද එම උපාංගයමත පදනම්වය.

වාර්තා පෙන්වා දෙන්නේ ඔහුගේ අතේ ඇති හිස්වැස්ම කොල්කටා පොලිස් නිලධාරීන්ට නිකුත් කරන ලද නිල ඇඳුමේ කොටසක්වන හිස් වැස්මට සමාන බවයි.

ප්‍රශ්න කිරීම්වලදී ඔහු තමා කළ අපරාධය පාපොච්චාරණය කරනු ලැබූ බව වැඩිදුරටත් වාර්තා වුණා.

පොලිසිය පැවසුවේ ඔහු විකෘති ලිංගික ආශාවන්ගෙන් පෙළෙන පුද්ගලයකු බවත් අවම වශයෙන් සිව් වරක් විවාහ වී ඇති පුද්ගලයකු බවයි.

Latest News

More like this

පරිස්සමෙන්.. ගංවතුරට අහුවුණ සහල් වෙළඳපොළට බෙදාහරින ජාවාරමක්

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශයේ ගංවතුරෙන් හානි වූ පරිභෝජනයට නුසුදුසු...

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...