ඊශ්‍රායලයට හදිසි තත්ත්වයක්.. මැද පෙරදිග භයානක යුද්ධයක් අද්දර

ඊශ්‍රායලයේ ආරක්ෂක අමාත්‍ය යෝව් ගාලන්ට් (Yoav Gallant)  විසින් ඉදිරි පැය 48 සඳහා රට පුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර එල්ල කරමින් රොකට් සිය ගණනක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ බෙන් ගුරියන් ගුවන් තොටුපළ අලුයම තාවකාලිකව වසා දැමුණා.

හිස්බුල්ලා විසින් එල්ල කරන ලද රොකට් සහ ඩ්‍රෝන ප්‍රාහර 300 කට වැඩි ප්‍රමාණයක් ඊශ්‍රායල භූමියට ළඟා වූ බව ඊශ්‍රායල ප්‍රකාශකයෙක් මාධ්‍ය හමුවකදී තහවුරු කළා.කෙසේ වෙතත් හිස්බුල්ලා ප්‍රහාරයට එරෙහිව මේ වන විට ලෙබනනය ඉලක්ක කර දරුණු ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි ඊශ්‍රායලය පවසන්නේ.

ප්‍රහාර මාලාව හමුවේ උතුරු ඊශ්‍රායලයේ ඇතැම් ප්‍රදේශවල හානි සිදුව ඇති බව ද වාර්තා වුණා.

ඊශ්‍රායල ආරක්ෂක අංශ රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇත්තේ මෙම තත්ත්වය හමුවේය.

මෙම වාතාවරණය මැද ඊශ්‍රායල හමුදාව උතුරු ඊශ්‍රායලයේ සහ ගෝලාන් කඳුකරයේ සිවිල් වැසියන්ට සීමා කිරීම් මාලාවක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

සිවිල් ආරක්ෂාව සඳහා වගකිව යුතු ඊශ්‍රායල ආරක්ෂක හමුදා හමුදා දිස්ත්‍රික් විධානය වෙත ද ගාලන්ට් විශේෂ තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

“විශේෂ තත්වයක්” යනු ඊශ්‍රායල ආරක්ෂක අංශ හදිසි අවස්ථා වලදී භාවිතා කරන නෛතික යෙදුමකි.

ජනගහනය ආරක්ෂා කිරීමේ උත්සාහයන් විධිමත් කිරීම සඳහා බලධාරීන්ට සිවිල් ජනගහනය කෙරෙහි වැඩි අධිකරණ බලයක් ලබා දීම එමඟින් සිදු වෙනවා. 

මේ අතර ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් ඊයේ හිස්බුල්ලා වෙත පූර්වගාමී ප්‍රහාර දියත් කිරීමෙන් පසු ආරක්ෂක අමාත්‍ය යෝව් ගාලන්ට් අමරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් සමඟ ද දුරකථනයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

හිස්බුල්ලා සංවිධානයේ වර්ධනයන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ඊශ්‍රායල පුරවැසියන් ආරක්ෂා කිරීම සඳහා සියලුම මාධ්‍යයන් භාවිතා කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටින බවත් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා මෙහිදී පවසා ඇති බව සඳහන්.

ජනාධිපති ජෝ බයිඩන්ගේ මඟ පෙන්වීම මත “ජ්‍යෙෂ්ඨ එක්සත් ජනපද නිලධාරීන් ඊශ්‍රායල  සමඟ අඛණ්ඩව සන්නිවේදනය කරමින් සිටින” බව එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලය ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!