හෙට ඉඳලම ගෙයින් ගෙට යන්න.. ඕන නම් සිලින්ඩරයකුත් අරගෙන යන්න.. දිනන්න ඕන නම් කෙරෙන්න ඕන විදිය රනිල් කියයි

ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැක්කේ කෑගැසීම්වලින් නොව ගෙයින් ගෙට යාමෙන් පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.

“දිනන්න ඕනද? එහෙනම් හෙට ඉඳලම ගෙයින් ගෙට යන්න.සමහරු කියනවා කොළ ඕනෙ කියලා.මට මතකයි අපි 77 පළවෙනි වටේ යද්දිත් කොළේ දුන්නෙ නෑ.මුලින් ගිහින් අඳුනගෙන ඡන්ද දායකයාව අඳුනගන්න.කරුණු හොයා ගත්තට පස්සෙ තමයි අපි කොළේ අරන් ගියේ ඡන්දෙට.ලෑස්තිද හෙට ඉඳන් වැඩේ කරන්න.සිලින්ඩරෙත් අරගෙන යන්න ඕන නම් ප්‍රශ්ණයක් නැහැ.බයිසිකලයක් උඩ දාලා තල්ලු කරගෙන යන්න.

ශ්‍රී ලාංකිකයෙක් හැටියට රට බේරගන්න තමා ජනාධිපති ධුරය භාරගත් බව ද ඔහු කියා සිටියා.

“මං ඒක භාරගත්තේ මං දැක්කා ඔබ සේරම ගෑස් පෝළිමේ ඉන්නවා.පෙට්‍රල් පෝලිමේ ඉන්නවා.ඒක නොකෙරුව නම් මහ පාපයක්.ඒ පාපය තමයි සජබය කළේ.ඒ පාපය තමයි ජනතා විමුක්ති පෙරමුණ කළේ.

 ජනාධිපතිවරයා මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඊයේ (25)පැවති විශේෂ සම්මේලනයේ දීය.

Latest News

More like this

බදුල්ලේ වයස අවුරුදු 15ක දරුවෙක්ට ඒඩ්ස්

බදුල්ල දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 15ක දරුවකුට HIV ආසාදනය වී...

රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් තුළ එළිදැක්වෙනවා… ඇමති නලින්ද

රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මාධ්‍ය ප්‍රතිපත්තිය ඉදිරි මාස...

වාහන ආනයනය හා විදෙස් සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැහැ… ඇමති නලින්ද ජයතිස්ස

වාහන ආනයනය සහ විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැති...

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගයට නම් කළේ ඇයි?

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු...
error: Content is protected !!