80 ගණන්වල ලංකාවට ආව ඉන්දියන් හමුදාව සබන් කාලා පොල්තෙල් නෑවා.. පොහොසත් රටක් හදන්න අපි ලෑස්තියි

ආණ්ඩු බලය ඉල්ලන්නේ හුදු දේශපාලන බල හුවමාරුවකට හෝ පුද්ගල හුවමාරුවකට පමණක් නොවන බවත් රට පොහොසත් කිරීමේ අභියෝගය භාර ගැනීමට සූදානම් නිසා බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අසමත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව පසු ගිය වසර ගණනාවක කාලය තුළ සිය ආර්ථිකය ප්‍රසාරණය කර ගැනීමට අසමත් වූ රාජ්‍යයක් බවට පත් වී ඇති ආකාරය ඔහු පෙන්වා දී තිබෙනවා.

ඊයේ (25) පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී පැවැති ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්‍ය සංසදය මගින් සංවිධානය කරන ලද බැංකු හා මූල්‍ය වෘත්තිකයින්ගේ ජාතික සමුළුවට සහභාගී වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා..,

“ලංකාවේ මිනිස්සු හිතුව ඉන්දියන් හමුදාව සබන් කනවා කියලා.නාන්න නම් එච්චර සබන් ගන්න විදියක් නෑ.පොල්‍තෙල් නානවා ඇති කියලා හිතුවා.මොකද තෙල් එච්චරට ගත්‍තා.ඉන්දියන් හමුදාව පොල්තෙල් සබන් එකතු කරා නිවාඩුවට යද්දි ගෙනියන්න.

අද ඒ ඉන්දියාව කොතනද?හඳට යන ඉන්දියාව.මේ කලාපයට මෝටර් රථ නිෂ්පාදනය කරන ඉන්දියාව.මේ කලාපයට රෙදි පිළි නිෂ්පාදනය කරන ඉන්දියාව.මේ කලාපයට ආහාර නිෂ්පාදනය කරන ඉන්දියාව.මේ කලාපයට බීජ නිෂ්පාදය කරන ඉන්දියාව,මේ කලාපයට ඖෂධ නිෂ්පාදනය කරන ඉන්දියාව.අවුරුදු හතළිහටත් අඩු කාලයක්.ලෝකෙ ඇතිවුණු වෙනස්කම් එයාලගේ පාලනයට හැකි වුණා උකහාගන්න.

අපි අසමත් වුණා.ඒ නිසා අපේ ආර්ථිකය ප්‍රසාරණය කරගන්න අසමත් වුණා.ලෝක වෙළඳපොළේ අපේ පංගුව වර්ධනය කරගන්න අසමත් වුණා.තාක්ෂණයේ විද්‍යාවෙ දියුණුව විසින් අපේ නිෂ්පාදනය සඳහා යන නිෂ්පාදන පිරිවැය අඩු කර ගැනීමට අප අසමත් වුණා.ඒ නිසා ලෝකෙන් හුදෙකලා වුණු ලෝකෙට අදාළ නොවුණ ජාතියක් රාජ්‍යයක් බවට අද අපි පත්වෙලා තියෙනවා.

එහෙනම් අද අපිට තියෙන අභියෝගය තමයි දුප්පත්භාවයේ පතුලට ගිලිලා තියෙන මේ තත්ත්වයෙන් මිදෙන්නෙ කොහොමද කියන එක.

එක පොහොසත් රාජ්‍යයක් නිර්මාණය කිරීම.රට පොහොසත් වුණොත් ආණ්ඩුවත් පොහොසත් වෙනව.ජනතාවත් පොහොසත් වෙනවා.”

Latest News

More like this

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...

තීරු බදු අඩු කරගැනීම සඳහා ශ්‍රී ලංකාව අමෙරිකාවෙන් තෙල් මිලදී ගැනීමට යයි

ඇමරිකාව ශ්‍රී ලංකාවට එරෙහිව පනවා ඇති අන්‍යෝන්‍ය තීරුබදු තවදුරටත්...

නිලන්තට මරණ දණ්ඩනය දීම කතෝලික පල්ලියේ ස්ථාවරය නොවේ

පාස්කු ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත්වීමේ චෝදනාව මත වැඩ තහනම් වූ...

වැව්‍ රක්ෂිතවල ඉදි කර ඇති සියලුම හෝටල් ඉවත් කරනවා. ඩඩ්ලිටත් වැඩ වරදීවි… ඇමති ලාල්කාන්ත කියයි

අනුරාධපුරයේ වැව් රක්ෂිත මායිම් සලකුණු කිරීමේදී තරාතිරම නොබලා එම...
error: Content is protected !!