අපි උකුස්සෙක් වගේ හරීන් මනූෂට ඇහැ ගහගෙන ඉන්නේ.. මැතිවරණ කොමිසම

හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර ජනාධිපති උපදේශකවරුන් ලෙස පත්කිරීම සම්බන්ධයෙන් ඇති වූ මතභේදාත්මක තත්ත්වය හමුවේ ඔවුන් දෙදෙනා මැතිවරණ කටයුතු සඳහා තම වරප්‍රසාද අවභාවිත කරන්නේද යන්න පිළිබඳව අවධානයෙන් පසුවන බව මැතිවරණ කොමිසම පවසනවා.

සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා මාධ්‍ය කළ විමසීමකදී සඳහන් කර ඇත්තේ පසුගියදා ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද පත්වීම් සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බවයි.  

අපේක්ෂකයෙකු වුවද පත්වීම් ලබාදීමේ ව්‍යවස්ථාමය බලය ජනාධිපතිවරයා සතුව පවතින බව රත්නායක මහතා පැහැදිලි කර තිබෙනවා.

කෙසේ වෙතත් ඉහත කී හිටපු අමාත්‍යවරුන් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීම සඳහා වාහන වැනි වරප්‍රසාද භාවිතා කරන්නේ නම් එය “මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක්” බව සභාපතිවරයා අවධාරණය කළා.

“එබැවින් ඔවුන් දෙදෙනා මැතිවරණ අරමුණු සඳහා ඔවුන්ගේ වරප්‍රසාද අනිසි ලෙස භාවිතා නොකරන බව සහතික කිරීමට කොමිසම උකුස්සෙකු මෙන් බලා සිටී” යැයි ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

Latest News

More like this

පොළොන්නරුවට අලුත් රජෙක් පහළ වේ..

ජාතික ජන බලයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා නිවාස...

චන්ද්‍රිකාගේ රු කෝටි 25ක පරිත්‍යාගය විමුක්ති දේශපාලනයට ගෙන ඒමේ මෙහෙයුමේ පළමු වෙඩිමුරයයි

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනිය ආපදාවෙන් විපතට පත්...

ශ්‍රී ලංකාව අපගේ පාලනයෙන් තොර අර්බුදයකට.. ජනපති Newsweek සඟරාවට අනාවරණය කරයි

ණය අර්බුදයකින් සහ දේශපාලන කැලඹීමකින් නැවත ගොඩනැගීමට උත්සාහ කරන...

ආණ්ඩුව කාලගුණේ ලොක්කන්ගේ කට බැඳලා…

දිට්වා සුළි කුණාටුවෙන් පසු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ට...