ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට රාජකාරී වේලාවෙන් පිට “කෝල් කට්” කිරීමේ අයිතිය හිමි වේ

ඕස්ට්‍රේලියාවේ පුරවැසියන්ට “right to disconnect” හෙවත් “විසන්ධි කිරීමේ අයිතිය” නම් නව නීතියක් හඳුන්වා දී තිබෙනවා.

එම නව නීතිය තුළින් සේවකයින්ට රාජකාරි වෙලාවෙන් පසු රැකියාවට අදාළ කෙටි පණිවුඩ, දුරකථන ඇමතුම් සහ ඊමේල් පණිවුඩ නොසලකා හැරීමට සහ ප්‍රතිචාර නොදක්වා සිටීමට ඉඩ ප්‍රස්ථාව හිමි වන අතර ආයතන ප්‍රධානීන්ට ඒ සඳහා දඬුවම් කිරීමේ අයිතිය අහිමි වන බවයි සඳහන් වන්නේ.

පසුගිය වසරේ ප්‍රකාශයට පත් කරන ලද සමීක්ෂණයකින් ඇස්තමේන්තු කර ඇත්තේ ඕස්ට්‍රේලියානුවන් වාර්ෂිකව සාමාන්‍යයෙන් පැය 281 ක නොගෙවූ අතිකාල වැඩ කරනු ලබන අතර ඔවුන්ගේ පෞද්ගලික ජීවිතවලට රාජකාරියෙන් වන බාධා, හිරිහැර අවම කිරීමේ අරමුණෙන් රජය මෙම නව නීති හඳුන්වා දී ඇති බවයි.

ප්‍රධාන වශයෙන් යුරෝපයේ සහ ලතින් ඇමරිකාවේ රටවල් 20කට වඩා මේ හා සමාන නීති පවතී.

මෙම නව නීතිය කඩවීමක් සිදුවුවහොත් ඒ සඳහා වරදකරු වන ආයතන ප්‍රධානියෙකුට හෝ සමාගමකට ඔස්ට්‍රේලියානු ඩොලර් 93,900ක් දක්වා දඩයකට යටත්වීමට සිදුවන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

Latest News

More like this

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...

රාජිත අත්අඩංගුවට ගන්නේ නම් 18 දා උසාවියට කරුණු කියන්නැයි අල්ලස් කොමිසමට දැනුම් දීමක්

හිටපු ධීවර අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට...

යහපාලනයේ ‘සැමට සෙවණ’ ප්‍රචාරණ වියදම කෝටි 52යි

යහපාලන රජය සමයේ ක්‍රියාත්මක කරන ලද 'සැමට සෙවණ' ආදර්ශ...

යුක්‍රේන-රුසියානු යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගෙන් තීරණාත්මක තීන්දුවක්

රුසියානු ආක්‍රමණයට එරෙහිව සටන් කිරීමට උපකාර කිරීම සඳහා යුක්‍රේනයට...
error: Content is protected !!