ඔබේ පපුවත් ගැහෙනව නම් ඔබේ ඡන්දය නාමල් රාජපක්ෂට විය යුතුමයි

යුද්ධය දිනූ නායකයා වන මහින්ද රාජපක්ෂ මහතාට කරන ගෞරවයක් හා කෘතගුණ සැලකීමක් ලෙස එළැඹෙන 21 වැනිදා ඔහුගේ ලෙයින් උපන් නායකයා වන නාමල් රාජපක්ෂ මහතා වෙත ඡන්දය ලබා දෙන ලෙස රංගන ශිල්පී අනූෂා දමයන්ති පවසා තිබෙනවා.

ඒ අනුව සැප්තැම්බර් 21 වෙනි දා නාමල් රාජපක්ෂට රට භාර දිය යුත්තේ මහින්ද රාජපක්ෂට මේ රට භාර දෙනවා යන සිතුවිල්ලෙන්ම බව ඇය පවසනවා.

මහින්ද රාජපක්ෂ මහතා කරන ලද සේවය නතර කළ තැනින් ආරම්භ කිරීමට නාමල් රාජපක්ෂ මහතා පත් කළ යුතු බවයි ඇය සඳහන් කළේ.

ඇය මේ බව ප්‍රකාශ කළේ නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක රැළියක් අතරතුර දීය.

එහිදී අදහස් දැක්වූ අනූෂා දමයන්ති,

“කිසිම කෙනෙකුට දණ නොනැමූ ඒ මහා කළු සිංහලයා,ඒ මහා යකඩ හස්තය අද ඔබ ළඟ.අහල බලන්න ඔබේ පපුව ගැහුනෙ නැද්ද? මහින්ද රාජපක්ෂයන් මේ පොළව මත අඩිය තබන කොට.ඒ තමයි හෘද සාක්ෂියේ හඬ.ඒ තමයි ඒ ස්පන්ධනය.මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමනි ඔබ මේ පොළොව මත අඩියේ තබන කොට මහා බරට දැනෙනවා.මේ රට රකින නායකයා ඔබ.මේ රටේ සියලුම දෙනාට ජීවිත දානය හුස්ම දුන්න නායකයා ඔබ.ඔබතුමාගෙන් පිට කාට හෝ යම් සිතුවිල්ලක් දරන්නට පුළුවන් නම් ඒ කිසිවෙකුට කළ කෙළෙහිගුණය නෑ සහ ඔහු සිංහලයකු නොවන බව මා සිතනවා.ඒකට හේතුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් කියන්නේ මේ රට වෙනුවෙන් තමන්ගේ අන්තිම හුස්ම පොද දක්වා ඔබ වෙනුවෙන් හෙට දවස නිර්මාණය කරන දායක වුණු නායකයෙක්.

වැඩ කොටසක් කරලා එතුමා නවත්තපු තැනක් තියෙනවා.අපි තවමත් එතන නතර වෙලා ඉන්නේ.එහෙමනම් ඒ නවත්තපු තැනින් පටන් ගන්නට එතුමාගේ ලෙයින් උපන් නායකත්වයක් නැවතත් මේ පොළව මත බිහි කළ යුතුයි ඒ නාමල් රාජපක්ෂ.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමනි ඔබ වෙනුවෙන් බොහෝ දේවල් කතා කරලා ඇති ඔබ වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට සූදානම්.ඔබතුමා වෙනුවෙන් යුතුකමක් රකින්නට තිබෙනවා නම් ගැහැනියක් විදිහට මම ඒක රකිනවාමයි.

සැප්තැම්බර් 21 වෙන්දැයින් පස්සේ මේ රටේ නායකත්වය නැවතත් නාමල් රාජපක්ෂට ලබා දෙන්නේ මහින්ද රාජපක්ෂට මේරට භාර දෙනවා කියන එදා යුතුකමින්මයි.

ඔබව රවට්ටලා ගන්න දෙයක් නායකයින්ට නැහැ. ඔබේ හෙට දවස නිර්මාණය කිරීම පමණයි නායකයන්ට පැවරී තිබෙන්නේ.නාමල් රාජපක්ෂ මැතිතුමනි ඔබ මේ රටේ අනාගත ජනාධිපතිතුමන්.මේ රටේ මිනිස්සුන්ගේ දුක් සුසුම් වලට ඔබ අනිවාර්යෙන්ම නායකත්වය දෙයි කියලා මං විශ්වාස කරනවා.

ආදරණීය අම්මේ තාත්තේ සමහර විට ඔබේ දරුවා මහින්ද රාජපක්ෂ යුද්ධය දිනන වෙලාවේ කුඩා දරුවෝ වෙන්න ඇති.ඒගොල්ලො යුද්ධය කියන්නේ මොකක්ද කියලවත් දන්නෑ.ගමක් ගමක් ගානේ එල්ලුණු සුදු කොඩි ගාණ ඒගොල්ලො දන්නේ නෑ.ගමක් ගමක් ගානේ හැලුණු අඳෝනාගාන ඒගොල්ලො දන්නෙ නැහැ.ගමකට ආව මිනී සංඛ්‍යාව ඒගොල්ලෝ දන්නේ නෑ.වැඩිම මිනී පෙට්ටිය එන්න ඇත්තේ මේ කුරුණෑගලට.

මේ ජනාධිපතිවරණයේදී ඔබ ඔබේ දරුවාට කියන්න ඕන අම්මට තාත්තට ගරු කරනවනම් ඔබේ දරුවාගේ කුළුදුල් ඡන්දය සැප්තැම්බර් 21 වෙනිදට වෙන කාටවත් නෙවෙයි නාමල් රාජපක්ෂ වෙනුවෙන් විය යුතුමයි.”

Latest News

More like this

සුජීව සේනසිංහ V8 එක ගැන පරීක්ෂණවලදී ප්‍රකාශයක් ලබාදීම හයවතාවක් මඟ ඇරලා

නීති විරෝධීව එක්ලස් කළා යයි චෝදනා එල්ල වී ඇති...

25 හැවිරිදි තරුණියකගේ ගෙල කපා සිදු කළ මහා අපරාධය..

මැණික් ඔපදමන්නියක ලෙස පෞද්ගලික ආයතනයක සේවය කළ විසිපස් හැවිරිදි...

ශ්‍රී ලංකා පොලිස් ෆේස්බුක් පිටුවෙන් බ්ලොක් කිරීමට එරෙහිව මානව හිමිකම් ගිය තරුණයා

ශ්‍රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක් පිටුවෙන් තම ෆේස්බුක් ගිණුම...

පැය 48කදී ඊශ්‍රායලය ගාසා තීරයේ 300ක් ඝාතනය කරයි

පසුගිය පැය 48 තුළ ඊශ්‍රායල හමුදා විසින් පලස්තීන ජාතිකයින්...
error: Content is protected !!