රනිල් සජිත්, තලතා කිව්ව දේ ඇසිය යුතුයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා එකතු විය යුතු බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරළ මහත්මිය කළ ප්‍රකාශය නිවැරදි බවත් රට වෙනුවෙන් ගත යුතු හොඳම ක්‍රියාමාර්ගය මෙය බවත් රාජිත සේනාරත්න මහතා පවසා තිබෙනවා.

“ජනාධිපතිවරයා සහ එජාපය සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙස මම කිහිප වතාවක් කියන්න උත්සාහ කළත් සජිත් එය ප්‍රතික්ෂේප කළා.හොඳම අදහස ඉදිරිපත් කළේ තලතා බව කිව යුතුයි.” ඔහු මාධ්‍ය හමුවකදී සඳහන් කර තිබෙනවා.

පක්ෂය ගැන කළකිරුණු නමුත් සජිත් දිනන බවට තවමත් විශ්වාස කරන බැවින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහාය පළ කිරීමට පැකිලෙන පිරිසක් ද සමගි ජන බලවේගය තුළ සිටින බව ඔහු අනාවරණය කර තිබෙනවා.

කෙසේ වුවත් තවත් කණ්ඩායමක් ජනාධිපතිවරයාට සහයෝගය දැක්වීමට එක් වීමේ අපේක්ෂාවෙන් පසුවන බවත් ඉදිරි ප්‍රචාරණ කටයුතු සමඟ ඔවුන්ගේ එක්වීම අනිවාර්යයෙන් සිදුවනු ඇති බව ඔහු වැඩි දුරටත් පවසා සිටියා.

Latest News

More like this

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...

තියුණු ආයුධයකින් පහරදී දැරියක් ඝාතනය කරලා !

ගම්පොල පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට...

ළමා අපයෝජන ගැබ් ගැනීම් ඉහළට

ළමා ලිංගික අපයෝජන සහ ළමා ගැබ් ගැනීම් ඉහළ අගයක්...

ඇමෙරිකාවට ශාප වූ ශතයේ කාසිය !

ඇමෙරිකාව තුළ වසර 238 ක කාලයක් සංසරණය වූ කාසියක්...