IMF සමඟ වීඩියෝ සංවාදය: සජිත් රනිල්ට යෙස් කියයි

ඕනෑම අවස්ථාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඕනෑම ආකාරයේ සාකච්ඡාවකට සමගි ජනබලවේගය සූදානම් බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.

පසු ගිය දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමගි ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේ නායකයින්ට අභියෝගයක් ලබා දෙමින් ජාත්‍යන්තර  මූල්‍ය අරමුදල සමඟ වීඩියෝ සාකච්ඡාවකට එන්නැයි කරන්න ලද ප්‍රකාශයට පිළිතුරක් ලෙස නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේගය එම අභියෝගය භාර ගෙන තිබෙනවා.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ රටේ ආර්ථික අර්බුදය හැඳිනගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කළ යුතු යැයි ප්‍රථමයෙන් ප්‍රකාශ කළේ සමගි ජන බලවේග පක්ෂය බවයි. 

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ශ්‍රී ලංකාවට පැමිණි සෑම අවස්ථාවකදීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්ති කමිටුව මුණ ගැසී සාකච්ඡා කළ බව සඳහන් කර තිබෙනවා.

ඒ සෑම අවස්ථාවකදීම සාමාන්‍ය ජනතාවගේ ජීවිතයට බලපාන කොන්දේසි වෙතොත්, ඒවා සංශෝධනය කිරීම සඳහා වූ යෝජනා සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කර ඇති බවද අදාළ නිවේදනයේ දැක්වෙනවා.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!