NPP ප්‍රතිපත්ති ප්‍රකාශය මං සම්පූර්ණයෙන් කියෙව්වා. හැම කෙනාම කියවන්න..

26 වෙනිදා ජාතික ජන බලවේගය එළිදැක්වූ පිටු දෙසිය තිස් දෙකකින් යුක්ත ප්‍රතිපත්ති ප්‍රකාශය තමා විසින් සම්පූර්ණයෙන්ම කියවූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා.

‘පුළුවන් ශ්‍රී ලංකා’ ජනාධිපතිවරණ ජනරැළිය අමතමින් ඊයේ (27) ඔහු ඉල්ලා සිටියේ සෑම කෙනෙකුටම එය කියවන ලෙසයි.

රටේ ආර්ථිකය හදන්නට කිසිදු සැලසුමක් ඉදිරිපත් නොකරන සජබය සහ ජවිපෙ උත්සාහ කරන්නේ වැල් පාලමේ රැහැන් දෙපැත්තෙන්ම කපා දමා ජනතාව ගඟට ඇද දැමීමට යැයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

වැල් පාලමේ ඉතිරි කොටස ගෙවා දමා දුෂ්කර ගමන අවසන් කොට ආර්ථික සමෘද්ධිය උදාකර ගන්නවාද නැතිනම් ගඟට වැටී අනාගතය නැති කරගන්නවාද කියා සැප්තැම්බර් 21 වැනිදා ජනතාව බුද්ධිමත් තීරණයක් ගතයුතුව ඇතැයි ජනාධිපතිවරයා පැවසුවා.

“මම බැලුවා ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය.අඩුම බිලියන 200 ක්වත් අඩු වෙනවා.ආදායම අඩු කරල කොහොමද වියදම් කරන්නේ.අඩු කරනව කියන්නේ වැල් පාලම කපනවා.බදු ආදායම අඩු කරන ගමන් අනිත් පැත්‍තෙන් දෙනවා කියනවා.ඒ ගණිතය දන්නෙ නැත්නම්.ඒ ආර්ථිකය දන්නෙ නැත්නම්.මේ අය බලන්නෙ ආර්ථිකය එක පැත්තකින් කපන්න නෙවෙයි.දෙපැත්තෙන්ම කපලා දෙන්න.

ඇත්ත වශයෙන්ම මම කියෙව්ව ඊයේ රෑ.පිටු 232 ක් තියෙනවා.මම හිතන්නෙ හැම එක්කෙනාම කියවන්න ඕන.කියවන්න මාසයක් දෙකක් යයි.අතරතුරේ දී මතක තියාගන්න සැප්තැම්බර් 21 ගිහින් ඡන්දෙ දෙන්න.

අපි වැල් පාලම අත් අරින්නෙ නැතිවයි මේ ගමන කරන්නේ.දැන් අපි ඒක ඉදිරියට ගෙනියන්න ඕන.අපි දැන් ආර්ථිකය ස්ථාවර කරලා ඒකෙ ප්‍රතිලාභ ඔබට දෙන්න ඕන.

ඒකයි මං ඉල්ලන්නෙ අපි අවුරුදු පහකින් ආර්ථිකය ස්ථාවර කරල අපනයන ආර්ථිකයක් ඇති කරනව විතරක් නෙවෙයි ආහාර මිල අඩු කරල දෙනවා.රැකියා බිහි කරන්නම්.මුදල් වැඩියෙන් එන්න ආර්ථිකය වැඩියෙන් එන්න බදු බර අඩු කරන්නම්.උරුමය අස්වැසුම මේ ආකාරයටම ක්‍රියාත්මක කරනවා.මේකයි මගේ සැලැස්ම.”

Latest News

More like this

ට්‍රම්ප්ට ඩිමෙන්ෂියා ද?

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා FIFA Club ලෝක...

යුක්‍රේනයට මොස්කව් ඉලක්ක කිරීමට ඉඩ දෙන්නේ නැහැ… ට්‍රම්ප්කියයි

යුක්‍රේනය මොස්කව් ඉලක්ක නොකළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ඇසළ පෙරහරේ ආසන රු 65,000ට නගී

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ නැරඹුම් ආසන ටිකට්පත් රුපියල් 50,000ත්...

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...
error: Content is protected !!