රජයේ සේවකයින්,පොලිසිය හා හමුදාව අනුරට

ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වැළැක්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවසන් මොහොතේ උපක්‍රමයක් යොදනු ඇතැයි ඇතැමුන් සැක පහළ කරන බව පවසමින් අනුර කුමාර දිසානායක මහතා ඊයේ (27) ප්‍රකාශ කළේ ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය කිසිවෙකුට වැළැක්විය නොහැකි බවයි.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ රජයේ සේවකයන්, පොලීසිය සහ හමුදා සාමාජිකයින් බහුතරයක් මෙවර ජාතික ජන බලවේගයට සහය පළ කරන බවත් රනිල් වික්‍රමසිංහ මහතාට කිසිදු උපක්‍රමයක් භාවිතා කිරීමට නොහැකි වනු ඇති බවත්ය.

“රනිල් වික්‍රමසිංහ අන්තිම මොහොතේ මොකක් හරි උපක්‍රමයක් කරයිද කියලා මිනිස්සුන්ට සැකයක් තියෙනවා. ඔහුට කිසිම උපක්‍රමයක් යොදන්න බැහැ. රජයේ සේවකයන් බහුතරයක්  ජාතික ජන බලවේගයට සහය දෙනවා. පොලිසියේ සහ හමුදාවේ බහුතරයක් අපිට සහය දෙනවා. විශ්‍රාමික පොලිසිය ඒ වගේම හමුදා නිලධාරීන් අපිත් එක්ක ඉන්නවා. ඒ නිසා කිසිම කෙනෙකුට ජාතික ජන බලවේගය බලයට ඒම වළක්වන්න බැහැ.”

ජාතික ජන බලවේගය ප්‍රථම වරට රජයක් පිහිටුවන්නේ ජනතාව බලා ගැනීමට බව පැවසූ ඔහු මෙතෙක් ආණ්ඩු පිහිටුවා ඇත්තේ පාලකයන්ගේ පවුල් සහ හිතවතුන් බලාගැනීමට බවද සඳහන් කළා.

__tpx__

Latest News

More like this

‘භාතිය’ නිදහස ලබයි

වෙඩි වැදීමක් හේතුවෙන් බරපතල අසාධ්‍ය තත්ත්වයෙන් දින ගණනාවක් ප්‍රතිකාර...

රජය ගව ශුක්‍රානු ආනයනය කිරීමට සැරසෙයි

උසස් තත්ත්වයෙන් යුතු ගවයන් 15,000ක් බිහි කර ගැනීමේ ව්‍යාපෘතියක්...

රජය අදානිට එරෙහිව නඩු මඟට යයිද?

මන්නාරම් මෙගාවොට් 484ක සුළං විදුලි බලාගාර සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘතියෙන්...

ට්‍රම්ප් වහසි බස් දොඩන අතරේ ඊශ්‍රායලය ගාසා තීරයේ වතුර බීමට ගිය දරුවන් මරා දමලා..

ගාසා තීරයේ සටන් විරාමයක් පිළිබඳ සාකච්ඡා අඛණ්ඩව සිදුවන බව...
error: Content is protected !!