මුදලට තරග පාවා දෙන ලෙස ක්‍රීඩකයන්ට බල කළ ඉන්දීය කළමනාකරුට එක් කෝටි දස ලක්ෂයක දඩ

ඉන්දීය රොයල් පංජාබ් කණ්ඩායමේ කළමනාකාරවරයා ලෙස කටයුතු කරමින් විදේශ ක්‍රීඩකයන්ට මුදලට තරග පාවා දීම සඳහා බලපෑම් කළ බවට චෝදනා ලත් පෙචලෝඩියා ආකාශ් නමැති තැනැත්තාට වසර දහයක අත්හිටවූ සහ වසර හතරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් මහනුවර මහාධිකරණ විනිසුරු දර්ශකා විමලසිරි මෙනවිය ඊයේ (27) නියම කර තිබෙනවා.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පසුගිය මාර්තු මස පැවති ‘ලෙජන්ඩ් ට්‍රොපි- 2024’ ක්‍රිකට් තරගාවලියේදී විදේශීය ක්‍රීඩකයන් වන එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ෆිල්ම්ස්ටඩ් හා නවසීලන්ත ක්‍රීඩක නිල් බෲට මුදලට තරඟ පාවාදීමට සිදු කළ බලපෑමක් මත අති චෝදනා දෙකක් යටතේ පවරා තිබූ නඩු දෙකේ චෝදනාවන්ට වරද පිළිගැනීම නිසා අදාළ දඬුවම් නියම කරනු ලැබුවා.

මීට අමතරව නඩු දෙකෙහි චෝදනා දෙකට රුපියල් මිලියන පහමාර බැගින් රුපියල් මිලියන 11ක දඩයක්ද නියම කළා. 

දඩ මුදල නොගෙවන්නේ නම් වසර දෙක බැගින් අනිවාර්ය වසර හතරක සිර දඬුවමක්ද ඔහුට නියම කර තිබෙනවා.

Latest News

More like this

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...

LPL: ‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ හිමිකරුට අධි චෝදනා

ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගි...