අලුත්ම සමීක්ෂණ ප්‍රතිඵලය මෙන්න: AKD, රනිල් ශීඝ්‍රයෙන් ඉහළට.. රනිල්, සජිත් අභිබවා යයි

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජුලි මාසයේදී ඔවුන්ගේ හිතකරත්ව ශ්‍රේණිගත කිරීම්වල ඉහළ වර්ධනයක් ලබාගෙන ඇති බව ස්වාධීන පර්යේෂණ මධ්‍යස්ථානයක් වන සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය (IHP) විසින් සිදු කරනු ලබන ශ්‍රී ලංකා මත විමසුම් සමීක්ෂණයේ දී (SLOTS) අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම ශ්‍රේණිගත කිරීම් වල දෙවන ස්ථානයේ පසු වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අභිබවා යාමට සමත් වී තිබෙනවා.

ජූලි මාසයට අදාල ශ්‍රී ලංකා මත විමසුම් සමීක්ෂණයට අනුව අනුර කුමාර දිසානායකගේ සමස්ත හිතකරත්ව ශ්‍රේණිගත කිරීම ජුනි මාසයට වඩා ලකුණු 29 කින් ඉහළ ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

 ඒ අනුව ඒ මහතා ශ්‍රේණිගත කිරීම් වල +3 සීමාවට ළඟාවී ඇති අතර සජිත් ප්‍රේමදාස අභිබවමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ හිතකරත්ව ලකුණු 40 කින් වැඩි කරගෙන  ලකුණු 24 දක්වා වර්ධනය වී ඇති බව පෙන්නුම් කරනවා.

 දර්ශකය අනුව සජිත් ප්‍රේමදාසගේ හිතකර ශ්‍රේණිගත කිරීම ජුනි මාසයේ සිට -42 සිට සිට ජුලි මාසයේදී -44 දක්වා සුළු වශයෙන් වෙනස් වී තිබෙනවා.

අදාළ ශ්‍රේණිගත කිරීම් වල ධන ශ්‍රේණිගත කිරීම පෙන්නුම් කරන්නේ අනුර කුමාර දිසානායකට පමණක් වන අතර සෙසු සියලුම අපේක්ෂකයින් පෙන්නුම් කරන්නේ ඍණ ශ්‍රේණිගත කිරීමකි. 

මෙම ජනමත සමීක්ෂණයේ ශ්‍රේණිගත කිරීම්වලදී ඍණ ශ්‍රේණිගත කිරීමකින් අදහස් වන්නේ එම පුද්ගලයා කෙරෙහි හිත කර මතයක් නොපවතින බවයි.ධනාත්මක ලකුණු වලින් පමණක් අදාළ පුද්ගලයා කෙරෙහි හිතකර මතයක් පවතින බව අදහස් වෙනවා.

Latest News

More like this

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...

තීරු බදු අඩු කරගැනීම සඳහා ශ්‍රී ලංකාව අමෙරිකාවෙන් තෙල් මිලදී ගැනීමට යයි

ඇමරිකාව ශ්‍රී ලංකාවට එරෙහිව පනවා ඇති අන්‍යෝන්‍ය තීරුබදු තවදුරටත්...

නිලන්තට මරණ දණ්ඩනය දීම කතෝලික පල්ලියේ ස්ථාවරය නොවේ

පාස්කු ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත්වීමේ චෝදනාව මත වැඩ තහනම් වූ...

වැව්‍ රක්ෂිතවල ඉදි කර ඇති සියලුම හෝටල් ඉවත් කරනවා. ඩඩ්ලිටත් වැඩ වරදීවි… ඇමති ලාල්කාන්ත කියයි

අනුරාධපුරයේ වැව් රක්ෂිත මායිම් සලකුණු කිරීමේදී තරාතිරම නොබලා එම...
error: Content is protected !!