සජබය මේ දවස්වල කියව කියවා ලියනවා..

ජාතික ජන බලවේගය විසින් එළිදැක්වූ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය සමගි ජන බලවේගය විසින් කොපි කරමින් සිටින බවත් එය ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දෙවැනි පිටපතක් ලෙස එළිදැක්වීමට නියමිත බවත් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. 

කන්තලේ ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේ සමගි ජන බලවේගය  තම ප්‍රතිපත්ති ප්‍රකාශය අගෝස්තු 22 වනදා එළිදැක්වීමට සැලසුම් කර තිබූ බවයි.

පසුව එය කල් දැමුණු බවත් මේ වන විට ඔවුන් ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවමින් සිටින බව ඔහු කියා සිටියා. 

“ඔවුන්තමන්ගේ ප්‍රතිපත්ති හදනවා පැත්තක තියලා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවන්න පටන් අරන්. සමහරු ෆොටෝ කොපි කරගෙන කියනවා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය වැඩිපුර ඩවුන්ලෝඩ් කරන්නේ සජබ කට්ටිය. ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අගෝස්තු 22 එළිදක්වන්න හිටියේ. දැන් ලියාගන්න බෑ.මේ දවස්වල කොපි රයිටින් එක දෙනවා. අපේ එක කියවා කියවා ලියනවා. පිටපත් කරනවා. කොපි රයිටින් කරනවා. අපි බලමු කවදා එළිදක්වයිද කියලා.අපේම ප්‍රතිපත්ති ප්‍රකාශයේ දෙවැනි පිටපතක් තමයි එන්නේ. ඔවුන්ට වැඩපිළිවෙළක් හෝ ප්‍රතිපත්තියක් නැහැ.”

NPP ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමෙන් පසු NPP යට සැලැස්මක්, ප්‍රතිපත්තියක් හෝ වැඩපිළිවෙලක් නැතැයි පැවසූ ඇය කැළඹී සිටින බවත් ඔවුන්ට කට උත්තර නැති වී ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Latest News

More like this

බදුල්ලේ වයස අවුරුදු 15ක දරුවෙක්ට ඒඩ්ස්

බදුල්ල දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 15ක දරුවකුට HIV ආසාදනය වී...

රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් තුළ එළිදැක්වෙනවා… ඇමති නලින්ද

රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මාධ්‍ය ප්‍රතිපත්තිය ඉදිරි මාස...

වාහන ආනයනය හා විදෙස් සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැහැ… ඇමති නලින්ද ජයතිස්ස

වාහන ආනයනය සහ විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැති...

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගයට නම් කළේ ඇයි?

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු...
error: Content is protected !!