අනුර ජ්‍යාත්‍යන්තර මාධ්‍යයට කතා කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතිකරගත් ගිවිසුම් ආරක්ෂා කරන අතරම ආණ්ඩුව කරගෙන යාමේදී ජනතාවට ඇතිවන පීඩාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ජ්‍යාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් වන Associated Press ප්‍රවෘත්ති සේවයට ප්‍රකාශ කර තිබෙනවා.

“අපිට දැන් තියෙන IMF වැඩසටහනින් එලියට එන්න බෑ. මොකද, අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක ගිවිසුමක් ගැහුවේ රට ආර්ථික වශයෙන් කඩා වැටුනට පස්සෙ. අපි විශ්වාස කරනවා තවත් විකල්පයක් තිබුණයි කියලා. ඒත් දැන් ද්විපාර්ශවීය සහ බහු පාර්ශවීය ගිවිසුම් ඔක්කොම IMF මල්ලට ඔබලයි තියෙන්නෙ.”

ජනතාවට අවශ්‍ය දූෂණයෙන් තොර සමාජයක් හා යහපත් ආර්ථිකයක් බවත් ඔවුන් ඉල්ලන වෙනස සිය පාලනයක් තුළින් ලබ දිය හැකි බව අනුර මෙහිදී පෙන්වා දී තිබෙනවා.

පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයක් හමුවේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ කෙරෙහි කලකිරීමකට පත් වී සිටින මිලියන සංඛ්‍යාත ජනතාවක් ඉල්ලා සිටි වෙනස නියෝජනය කරන්නේ සිය දේශපාලන ධාරාව බව ඔහු කියා සිටියා.

අනුර කුමාර දිසානායක වැඩි දුරටත් APවෙත සඳහන් කර ඇත්තේ රටේ සම්පත් ජනසතු කිරීමේ සිය පක්ෂයේ දිගුකාලීන ප්‍රතිපත්තියක් තිබියදීත්, ඔවුන් ආර්ථික නිදහස සහ විදේශ වෙළඳාම පිළිගන්නා බවයි. 

ශ්‍රී ලංකාවේ 26 වසරක කුරිරු සිවිල් යුද්ධයේදී මානව හිමිකම් කඩකිරීම් සහ යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූ කිසිවකුට දඬුවම් කිරීමට තම පරිපාලනය උත්සාහ නොකරන බව ද ඔහු එහිදී තහවුරු කර තිබෙනවා.

ඒ වෙනුවට මානව හිමිකම් කඩවීම් විමර්ශනය කිරීම සහ වින්දිතයන්ගේ පවුල් සමඟ එකඟතාවක් ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කරන බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබුණේ.

AP Photo

Latest News

More like this

සාරා ජීවතුන් අතර බවට ප්‍රබල සැකයක්… පිල්ලෙයාන් ප්‍රහාරය කලින්ම දැන සිටියා.. පාස්කු පරීක්ෂණ අලුත් වෙන හැටි මෙන්න

හිටපු රාජ්‍ය අමා­ත්‍ය­ව­ර­යකු මෙන්ම ටී.එම්.වී.පී. සංවි­ධා­නයේ නායක සහ නැඟෙ­න­හිර...

ඇමරිකාව ශ්‍රී ලංකාවට 30%ක තීරුබදු පනවයි

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අන්‍යොන්‍ය තීරුබදුවලදී ශ්‍රී ලංකාවට...

විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න්ගේ දියණිය ඇප මත මුදා හැරේ..

අල්ලස් කොමිසමේ නිලධාරීන්ට තර්ජනය කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන...

දේශීය ආදායම කඩිනමින් ඩිජිටල් කරන්න.. ජනපතිගෙන් නියෝගයක්

රටේ බදු පදනම පුළුල් කිරීමටත්, බදු ගෙවීමේ ක්‍රියාවලිය මහජනතාවට...
error: Content is protected !!