PAYE බද්ද සංශෝධනයට IMF සමඟ සාකච්ඡා..

උපයන විට ගෙවීමේ (PAYE) බද්ද සංශෝධනය කිරීම සඳහා ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සාකච්ඡාවක් ආරම්භ කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (28) සඳහන් කළා.

“ආණ්ඩුව දැනටමත් ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත PAYE බදු සංශෝධනය කිරීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. IMF එකත් වෙනස් යෝජනා ඉදිරිපත් කළා. අපි මේ සම්බන්ධයෙන් IMF සමඟ සංවාදයකට ගොස් සංශෝධන පිළිබඳ එකඟතාවය ලබා ගන්නම්. උපයන විට ගෙවීමේ බදු අඩු කරන්නේ කොහොමද කියලා අපි ඉදිරියේ දී ජනතාවට කියන්නම්.” 

ජනාධිපතිවරයා ඇහැළියගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී සඳහන් කළා.

අද (29) ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ දී මේ පිළිබඳ වැඩිදුරටත් පවසන බව ද ජනාධිපතිවරයා කියා සිටියා.

“ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක සහ සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස බදු අඩු කරන බවට පොරොන්දු වී තිබෙනවා. ඔවුන් රාජ්‍ය ආදායම වැඩි කරන්නේ කෙසේද යන්න ප්‍රකාශ කිරීමට සමත් වී නැහැ” ජනාධිපතිවරයා ඇහැළියගොඩ ජන රැළියේ දී වැඩිදුරටත්  පවසා තිබුණා.

Latest News

More like this

පරිස්සමෙන්.. ගංවතුරට අහුවුණ සහල් වෙළඳපොළට බෙදාහරින ජාවාරමක්

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශයේ ගංවතුරෙන් හානි වූ පරිභෝජනයට නුසුදුසු...

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...