එකම විකල්පය අනුර පමණයි.. ප්‍රවීණ කලාකරුවන් දැඩි ස්ථාවරයක

මෙවර ජනාධිපතිවරණයේ ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මහතාට සහාය පළ කිරීමට එක්ව සිටින කලාකරුවන්ගේ එකමුතුව ඊයේ (අගෝස්තු 28) දිනයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

කලාකරුවන් විශාල ප්‍රමාණයක් ජාතික ජන බලවේගය වටා ඒකරාශී වී සිටින්නේ තම තමන්ගේ පෞද්ගලික, බොළඳ අභිලාෂයන් සාක‍ෂාත් කර ගැනීමට නොවන අතර ගැඹුරු සමාජ, සංස්කෘතික, දේශපාලන විපරිවර්තනයක් වෙනුවෙන් බවයි ප්‍රවීණ කලාකාරුවන් මෙහි දී සඳහන් කළේ.

එළැඹෙන සැප්තැම්බර් 21 වැනිදා මේ රටේ ජනතාව නිවැරදි තීන්දුව ලබා දුනහොත් දකුණු ආසියාවටම නව දේශපාලනයක් හඳුන්වා දීමේ හැකියාව ලබාගත හැකි බව මෙහිදී අදහස් දැක්වූ රංගන ශිල්පී කලණ ගුණසේකර මහතා සඳහන් කළා.

ඒ සඳහා අනුර කුමාර දිසානායක හැර වෙනත් විකල්පයක් නොමැති බවත් වසර 76 ක ශාපය 81ක් බවට පත් නොකර අනුර කුමාර දිසානායක මහතා බලයට පත් කරන ලෙස ඔහු කියා සිටියා.

“මේ සෙල්ලම නැටුවා ඇති. අවුරුදු හැත්තෑ ගණනක් සිදු කළ රැවටීමෙන් මිදෙන්න අපේ පරම්පරාව එකතු වී හරි තීරණයක් අරගෙන අපි මේක අවසන් කරන්න ඕනෑ. මේ රට දියුණු කරන්න ඕනෑ. අනුර කුමාර දිසානායක කියන්නේ තව දුරටත් එක පුද්ගලයෙක් ලෙස මම දකින්නේ නැහැ. ඔහු යම් කිසි ක්‍රමවේදයක්, රට ගොඩනැගිය හැකි සැලැස්මක් ලෙසයි මම දකින්නේ. අපි ඒ ආදර්ශය නිවැරැදිව ලබා දී දකුණු ආසියාවටම නව දේශපාලනයක් හඳුන්වා දීමේ හැකියාව ලබාගත හැකියි. වෙන විකල්පයක් නැහැ, මේ පාර වරද්දා ගත්තොත්, කල්පනා කරන්න දෙයක් ඉතිරි වෙන්නෙත් නැහැ. අවුරුදු හැත්තෑහය අසූඑකක් නොකර මේ ශාපය මෙතැනින් ඉවර කරන්න අපි ඔක්කොම එකට එකතු වෙමු, අනුරව මේ රටේ නායකත්වයට පත් කර ගනිමු.”

ප්‍රවීණ රංගන ශිල්පී  මහාචාර්ය සෞම්‍ය ලියනගේ මහතා මාධ්‍ය හමුවේ සඳහන් කළේ  කලාකරුවන් ජාතික ජන බලවේගය වටා එක් වී සිටින්නේ ගැඹුරු මානවීය අර්ථයක් ප්‍රමුදිත කරවන අභිප්‍රායයෙන් බවත් මෙතෙක් බලයට පත් වුණු කිසිදු රජයකට මෙවැනි ගැඹුරු අදහසකින් කලා, සංස්කෘතික ක්ෂේත්‍රය පිළිබඳව පරිකල්පනයක් නොතිබූ බවයි.

ජාතික ජන බලවේගයේ කලා, සංස්කෘතික ප්‍රතිපත්තිය එළිදැක්වීම සැප්තැම්බර් 08 සවස 7.00ට රාජගිරිය, තැප්‍රොබේන් උත්සව ශාලාවේ දී සිදු කිරීමට නියමිත බව ද මෙහිදී සඳහන් වුණා.

Latest News

More like this

ඩොලර් මිලියන 6.9ක් රටට පාඩු කළ චීන පොහොර මගඩිය ගැන විමර්ශන CIDය වේගවත් කරයි

ශ්‍රී ලංකාව සහ චීන සමාගමක් වන කිංඩාඕ සීවින් බයෝටෙක්...

කොතලාවල වෛද්‍ය පිඨයට සාමාන්‍ය සිසුන් 100ක් ඇතුළත් කර ගැනීම අනිවාර්ය කෙරේ

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ (KDU) වෛද්‍ය පීඨය...

සෞඛ්‍ය කෝටි 3923ක් නීතිවිරෝධීව ඕටී ගෙවලා

සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල් හා ආයතන සඳහා රුපියල් කෝටි තුනකට...
error: Content is protected !!