හිරුණිකාට උඩින් සජිත් කඩුවෙලට බැස්සූ පොහොට්ටුව

ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබා දීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔහු දිළිඳුකම් පිටු දැකීම හා සමෘද්ධි ව්‍යාපාරයට අදාළ සියලු කටයුතු සම්බන්ධීකරණ ප්‍රධානියා ලෙස පත් කිරීමට සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ

ඔහු පසුගිය මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට පිවිසුණේ කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල ආසනය නියෝජනය කරමින්.

සමග ජන බලවේගයට ඔහුගේ පැමිණීමත් සමග පක්ෂ අභ්‍යන්තරය ගැටලු රැසක් පැන නැගීමට ද හේතු වී ඇති බව සඳහන් වෙනවා.

ඊට හේතුව මේ වන විට සමඟ ජන බලවේගයේ කඩුවෙල අසන සංවිධායකවරිය ලෙස හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කරමින් සිටීමයි.

මේ හේතුවෙන් ඇයගේ ආසන්න සංවිධායක ධූරය ද ඉදිරියේදී අභියෝගයට ලක්වීමේ අවධානමක් පවතී.

හිරුණිකාට මේ වන විට සමගි ජන බලවේගය පක්ෂ අභ්‍යන්තරයේ යම් යම් වෙන්සකම් සිදුවෙමින් පවතින බවත් හරීන් ප්‍රනාන්දු මහතාගෙන් හිස් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයද පෞද්ගලික නාලිකාවක හිමිකරුගේ විරෝධය නිසාවෙන් ලබා නොදීමට නායකයා කටයුතු කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ

Latest News

More like this

ග්‍රෑම් 825 බැගින් වන බොරු පියයුරු ඉවත් කළ ඉන්දියානු නිළිය…

ෂර්ලින් චොප්රා කියන්නේ ඉන්දියානු නිළියක්. ඇය මේ දවස්වල බොලිවුඩ්වල...

රජයේ වෛද්‍යවරුන්ගෙන් අද සිට පිටින් බේත් ගන්න තුණ්ඩු නෑ

දිවයින පුරා සියලු‍ රෝහල්වල වෛද්‍යවරුන් පිටතින් ඖෂධ ගැනීම සඳහා...

ආරුගම්බේදී විදෙස් කතට අතවර කළ සැකකරු අත්අඩංගුවට

ආරුගම්බෙ ප්‍රදේශයේදී විදේශීය කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන්...

ගුරුවරියක් ලබා දුන් දඬුවමක් නිසා සිසුවියක් ජීවිතක්ෂයට !

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පල්ගාර්හි පෞද්ගලික පාසලක 6 වන ශ්‍රේණියේ...