මුස්ලිම් සිරුරු බලෙන් ආදාහනය කළ සියලු දෙනාට සජබ රජයක් යටතේ දඩුවම්..

කොවිඩ්-19 වසංගත කාල සීමාවේ මුස්ලිම් ප්‍රජාවගේ ආදාහන හා භුමදාන පිළිබඳ ගැටලුවේදී ඉස්ලාම් ජනතාවගේ සංස්කෘතික හා ආගමික අයිතිය අහෝසි කිරීමට කටයුතු කළ  සියලු දෙනාට  නෛතික ක්‍රියාමාර්ග ගෙන අගතියට පත් පාර්ශ්වයට වන්දි ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. 

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවා භුමදානය අනුමත කර තිබියදී රජය හොර කමිටුවක් පත් කර ඉස්ලාම් ජනතාවගේ සංස්කෘතික හා ආගමික අයිතිය අහෝසි කළ බවත් තමා එදා පෙනී සිටියේ ගෝඨාභය රාජපක්ෂ සමග නොව ජනතාව සමග බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළා.

ඔහු මේ බව කියා සිටියේ  2024 ජනාධිපතිවරණය වෙනුවෙන් අක්කරෙපත්තු අඩ්ඩාලච්චේනයේ දී පැවති ජන රැලිය අමතමින්.

මේ දිනවන ටයිකෝට් ඇඳගත් ඇතැම් නායකයෝ කියා ගන්නා පිරිස් ඔවුන් ජාතිවාදී නැති බවට ප්‍රකාශ කළත් ඔවුන්ට හරිහමන් කොන්දක් නොමැති බවත් මුස්ලිම් ජනතාව ඉස්ලාම් ප්‍රජාව මෙයට මුහුණ දෙද්දි ඒ අය මුනිවත රකිද්දි සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය පමණක් එයට විරුද්ධව පාරට බැස්ස බවත් සමගි ජන බලවේග රජයක් තුල මේ අනීතික ක්‍රියාවට සම්බන්ධ සියලු දෙනාට නෛතික ක්‍රියාමාර්ග ගෙන අගතියට පත් පාර්ශ්වයට වන්දි ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් පැවසුවා. 

එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා පැවසුවේ දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනට මුල පුරා සමෘද්ධි ජනසවිය ගැමිදිරිය හා අස්වැසුම යන වැඩසටහන් හි හොද ගුණාංග එක් කර නව වැඩසටහනක් දියත් කර මාස 24ක් තුළ දුප්පත් පවුලකට මාසෙකට රු 20000 බැගින් ලබා දි දුප්පත්කම වසර 2ක් තුළ තුරන් කරන බවයි.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!