අනුරට ඡන්ද ලක්ෂ 78ක්.. දෙවැනියාට 42යි.. අලුත්ම ප්‍රතිඵලය නිකුත් වේ

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්ද ලක්ෂ 78ක ජනවරමක් හිමි කරගන්නා බව නවතම සමීක්ෂණ වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.

එම සමීක්ෂණ වාර්තා ඉදිරිපත් කරනු ලැබුවේ ඉකුත් ජනාධිපතිවරණ සමයන්හිදී ද නිවැරදි ජනමත විමසුම් ප්‍රතිඵල ඉදිරිපත් කරනු ලැබූ ප්‍රවීණ දේශක අනිල් කේ.සේනාධීර මහතා විසිනි.

මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද එක්කෝටි හැත්තෑ දෙලක්ෂයක් පමණ ලියාපදිංචි වී ඇති අතර මේ වන විට සිදුකර ඇති සියලුම සමීක්ෂණ වාර්තාවලට අනුව අනුර කුමාර දිසානායක මහතා ඡන්ද ලක්ෂ 78ක් හිමිකර ගනු ඇති බව ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත් ජාතික ජන බලවේගයේ ඉලක්කය විය යුත්තේ අනුරට ඡන්දකෝටියක් ලබා ගැනීම බව ඒ මහතා පවසනවා.

දෙවනියට වැඩිම ඡන්ද ලබා ගන්නා පුද්ගලයා ලක්‍ෂ 42 ක් ලබා ගනු ඇතැයි ද ජනාධිපතිවරයාට ලබා ගත හැක්කේ උපරිම ඡන්ද ලක්ෂ 22ක් පමණක් බවත් ඔහු  කියා සිටියා.

ජනාධිපති අපේක්ෂක නාමල් ලබා ගන්නා ඡන්ද ප්‍රමාණය ද ඔහු මෙහි දී සඳහන් කළා.

“මේක මං කිසිම සැකයකින් තොරව කියන්නෙ. මේක කිව්වා කියලා අද ඉඳලා වැඩ නොකර ඉන්න එපා. තව තවත් වැඩ කරන්න. අපේ අභිප්‍රාය කෝටියක්. අනුරට කෝටියක්.

බොහෝ දෙනෙක් මේ වන විට තැති ගැන්වී සිටින්නේ එම කාරණය නිසා බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

සම්පූර්ණ කතාව පහතින්..

Latest News

More like this

දිලිත්ගේ නිවසේ අද රාත්‍රී සර්ව විපාක්ෂික සාදයක් !

සර්ව ජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරගේ...

මුහුණේ කැළැල් මකන්න ආ තරුණියට පේරාදෙණිය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකදී අතවර !

මුහුණේ ලප කැළැල් සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණි තරුණියකට අතවර...

තුසිත හල්ඔලුවට වරෙන්තු

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව වහාම...

රනිල් – නාමල් මල් පාරේ හදිසි සාකච්ඡාවක !

ආණ්ඩුවට එරෙහිව 21 වෙනදා පැවැත්වීමට නියමිත නුගේගොඩ රැලිය සම්බන්ධයෙන්...