රංගෙ බණ්ඩාර එළියට..මහ ලේකම් ධුරය තලතාට

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා එම ධූරයෙන් ඉවත් කර ඇති බව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කර තිබෙනවා.

පාලිත රංගෙ බණ්ඩාර මහතා එජාප මහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳ ලිපියට පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29) දිනයේ අත්සන් තබා ඇති බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ.

පාලිත රංගෙ බණ්ඩාර මහතා මහ ලේකම් ධූරයට අදාළ රාජකාරී පැහැර හැරීම සහ පසුගියදා සිදු කරන ලද ප්‍රකාශයක් පක්ෂ නායකත්වය විසින් අදාළ තීරණය ගැනීමට හේතු වී ඇති බව සඳහන් වෙනවා.

ජනාධිපතිවරයාගේ ප්‍රචාරණ ව්‍යාපාරයේ වගකීම් ද ඔහු වෙත පැවරීමට කටයුතු කර නැතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසනවා.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ධුරයට සමග ජන බලවේගයෙන් ඉවත් වූ තලතා අතුකෝරළ මහත්මිය පත්කරන ලෙස පක්ෂයේ බහුතර නිලධාරී පිරිසක් ඉල්ලීම් කර ඇති බව ද සඳහන්.

කෙසේ වෙතත් මේ වනතෙක් කරාද කොල්ල මහත්මිය එක්සත් ජාතික පක්ෂය සාමාජිකත්වය ලබාගෙන නැහැ.

මහලේකම්දුරන ඉවත් කිරීම සම්බන්ධයෙන් පාලිත රංග බණ්ඩාර මහතාගෙන් සිදුකළ විමසීමකදී ඔහු සඳහන් කර තිබුණේ “ලියුමක් ලැබුණොත් කියන්නම්’ ලෙසයි.

Latest News

More like this

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...

අනුරගේ දැඩි මිත්‍රත්වය වෙනුවෙන් ජපාන වෛද්‍ය කණ්ඩායමක් ලංකාවට එයි

ශ්‍රී ලංකාවේ හදිසි ආපදා තත්ත්වය වෙනුවෙන් සහයෝගය ලබා දීමට...