ප්‍රධාන කොටස් 5ක් යටතේ කරුණු ගොනු කරනු ලැබූ සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ඊයේ (29) අස්ගිරි සහ මල්වතු මහානාහිමිවරුන් වෙත පිළිගන්වනු ලැබුවා.
එය නිල වශයෙන් නිකුත් කිරීමට කටයුතු යොදා ඇත්තේ සැප්තැම්බර් මස 04 වැනිදාය.
සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පෙළගැස්ම සැකවින් මෙසේය.
ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම
සෑම පුරවැසියෙකුම බලගැන්වීම
රාජ්‍ය සේවය නංවාලීම
ජීවන තත්ත්වය ආරක්ෂා කිරීම
රාජ්‍ය ආරක්ෂාව
ණය අර්බුදය කළමනාකරණය සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුද යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම ප්‍රකාර රාජ්‍ය මූල්‍ය විනය ශක්තිමත් කරමින් ආදායම්, ප්‍රාථමික ගිණුමේ ශේෂය සහ ණය ආශ්‍රිත ඉලක්ක සපුරාලීම සඳහා දුෂ්කර නමුත් අවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු නොකඩවා සිදු කරන බව එහි සඳහන් කර තිබෙනවා.
අනවසර ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාර වසා දමනු ඇති අතර ඒවාට වගකිව යුත්තන් සම්බන්ධයෙන් දණ්ඩන ක‍්‍රියාමාර්ග කඩිනම් කිරීම, ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ සිරවී සිටින පුද්ගලයින් මුදා ගැනීම සඳහා සහාය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, සේවක අර්ථසාධක අරමුදල/ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල හරහා සනාථ කෙරෙන පරිදි 50% ඉක්මවා කාන්තාවන් සේවා නියුත්ක කෙරෙන තෝරාගත් අංශයන්හි සමාගම් වෙත බදු ප‍්‍රතිලාභ දෙන බව ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි ඇතුළත් කර තිබෙනවා.
සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි සමස්ත රාජ්‍ය සේවයම ප‍්‍රතිසංවිධානය කරන බව ද අවධාරණය කිර තිබෙනවා.ඒ අනුව රාජ්‍ය සේවයේ සියලුම බඳවා ගැනීම්, පත්කිරීම් සහ අනුයුක්තකිරීම් කුසලතා මත පදනම්ව පමණක් සිදු කරන අතර රාජ්‍ය අංශයේ මාසික ජීවන වියදම් දීමනාව දැනට ලබාදෙන රු. 17,800 සීමාවේ සිට රු. 25,000ක අවමයක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බව සඳහන් වෙනවා. රාජ්‍ය සේවය සඳහා අදාළවන අවම මූලික මාසික වැටුප (දැනට ශ්‍රේණි සඳහා අදාළ අනුපාතයන් මත පදනම්ව) 24%කින් ඉහළ නැංවෙනු ඇති අතර රාජ්‍ය සේවයේ අවම දළ වැටුප රු. 57,500ක් කිරීමට එමඟින් ප්‍රතිඥා දෙයි.
2016 සිට බඳවා ගත් සියලුම රජයේ සේවකයින්ට විශ‍්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග‍්‍රහය අනුව ඔවුන්ගේ විශ‍්‍රාම වැටුප් ලබාදීමට යෝජනා කරන අතර දැනට සංවර්ධන නිලධාරීන් ලෙස සේවය කරන නිලධාරීන්ට රැකියා වෙළෙඳපොළ තුළ තරඟකාරීව රැකියා අවස්ථා සොයා ගැනීමට හැකියාව ලැබෙන පරිදි සුදුසු වෘත්තීය පුහුණුවීම් ලබා ගැනීමට රජයේ අනුග‍්‍රහය ලබා දෙනු ඇති බව ද එහි සඳහන්.
අඩු ආදායම්ලාභි සහ මධ්‍යම පාන්තික නිවාස යෝජනා ක‍්‍රම ඉදිකිරීම සඳහා රජය සතු ඉඩම් ලබාදෙනු ඇති අතරම විවිධාංගීකරණය වූ නිවාස යෝජනා ක‍්‍රමය තුළ ග‍්‍රාමීය, නාගරික, කඳුරට, ආපදාවන්ගෙන් බලපෑමට ලක්වූ පළාත් සහ ධීවර ප‍්‍රජාවන් ප‍්‍රමුඛතාගත කිරීමට යෝජනා කර තිබෙනවා.
පාස්කු ඉරුදින බෝම්බ ප‍්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා 1948 අංක 17 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනතේ 2 (1) (ඇ) වගන්තිය ප‍්‍රකාරව විධිමත් ලෙස බලය පවරන ලද පරීක්ෂණ කොමිෂන් සභාවක් මාස 3ක් තුළ පිහිටුවීමට හා එම කොමිෂන් සභාවේ නිර්දේශ මත පදනම්ව පාස්කු ඉරුදින ප‍්‍රහාරය සඳහා වගකිව යුතු අපරාධකරුවන්ට එරෙහිව ත‍්‍රිපුද්ගල ස්ථීර මහාධිකරණයක් මගින් දිනපතා නඩු විභාග කර දඬුවම් ලබා දී රජයේ ප‍්‍රමුඛ වගකීමක් ලෙස සළකනු ලැබේ.
පුරවැසියන් වෙත සෑම වර්ගයකම නඩු සඳහා නීති ආධාර ලබා දීම තහවුරු කරන බව ද එහි අන්තර්ගතයෙහි ඇතුළත්.
රජය ශ‍්‍රී ලංකාව පුරා සියලුම ගුරුවරුන්ට නොමිලේ පොදු ප‍්‍රවාහන පහසුකම් සැපයීමට ද එමඟින් පොරොන්දුවක් දී තිබෙනවා.
සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය…,