රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 25,000කින් වැඩි කරන බවට දුන් පොරොන්දුව අමූලික බොරුවක් බව පවසමින් ජාතික ජන බලවේගය ජීවන වියදමට සරිලන පරිදි සෑම මාස හයකට වරක් රජයේ සේවකයන්ගේ වැටුප වැඩි කරන බව එම පක්ෂයේ නායක නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළා.
අද (30) පැවතිසංවර්ධන නිලධාරීන්ගේ ජාතික සමුළුව අමතමින් ඔහු කියා සිටියේ මීට මාස කිහිපයකට පෙර වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් රජයේ සේවකයන් වැඩ වර්ජනයක් ආරම්භ කරද්දී අරමුදල් ප්‍රමාණවත් නොවන බව කියමින් ජනාධිපතිවරයා එය ප්‍රතික්ෂේප කළ බවයි.
අවශ්‍ය නම් ඔහුට එය දැන් වුවත් සිදු කළ හැකි යැයි අනුර කුමාර දිසානායක මහතා එහිදී පැවසුවා.
රජයේ සේවකයන්ට ජීවන වියදමට සරිලන පරිදි මාස හයකට වරක් වැටුප් ලබාදෙන බව ජාතික ජනතා විමුක්ති පෙරමුණ සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් කර ඇති බවද ඔහු සඳහන් කළා.
“එය මැතිවරණ කාලයට හෝ සේවකයන් වර්ජන කරන විට දෙන වැටුප් වර්ධකයක් නොවේ. එය නිරන්තරයෙන් ලබාදෙන වැටුප් වර්ධකයක්. රජය රජයේ සේවකයන් ගැන සැලකිලිමත් විය යුතුයි” ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියා.