අනාගතය අවිනිශ්චිතයි.. කවුරු නායකයා වුණත් බලයේ ඉන්න පුළුවන් වසර තුනයි: රාහුල හිමි

මේ රට කවදා හෝ නිවැරදි මාවතකට ගෙන යා හැකිද යන්න අවිනිශ්චිත වන අතර කවුරු බලයට ආවත් රට පාලනය කළ හැක්කේ අවුරුදු තුනක් පමණක් බව ජාතික නාමල් උයනේ නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියන් පවසා තිබෙනවා.

නාමල් උයනේ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ කියා සිටියේ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් වැඩි පිරිසක් නිරන්තරයෙන් තමන් බැහැ දැකීමට පැමිණෙන බවයි.

ජනතාව ආරක්‍ෂා කර රටේ භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කිරීම හා ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කරන ලෙස ඔවුන්ට අවවාද අනුශාසනා කළ බව උන්වහන්සේ සඳහන් කළා. 

“සෑම ජනාධිපති අපේක්ෂකයෙකුටම යම් යම් දර්ශන තිබෙනවා. සමහර අයගේ පසුබිම් කියවන විට, කතා කරන විට ජනාධිපතිවරණයේදී ලබාදුන් පොරොන්දු බොහොමයක් ඉටුකරන්න බැහැ.ජාතික අනන්‍යතාවක් ඇති කිරීමට හෝ අධ්‍යාපනික, සෞඛ්‍ය හා ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමට රටේ ක්‍රමයක් නැහැ.මේ රට දියුණු කරන්න නම් ජනතාවගේ ආකල්ප වෙනස් කළ යුතුයි.”උන්වහන්සේ කියා සිටියා.

මේ සියලු කරුණු සලකා බලන විට මේ රට නිවැරදි මාවතකට ගෙන යා හැකිද යන්න තමන්ට ගැටලුවක් බව ද වනවාසී රාහුල හිමියන් සඳහන් කළා.

Latest News

More like this

ට්‍රම්ප්ට ඩිමෙන්ෂියා ද?

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා FIFA Club ලෝක...

යුක්‍රේනයට මොස්කව් ඉලක්ක කිරීමට ඉඩ දෙන්නේ නැහැ… ට්‍රම්ප්කියයි

යුක්‍රේනය මොස්කව් ඉලක්ක නොකළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ඇසළ පෙරහරේ ආසන රු 65,000ට නගී

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ නැරඹුම් ආසන ටිකට්පත් රුපියල් 50,000ත්...

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...
error: Content is protected !!