ගෙයින් ගෙට යාමේ දී පෙළපාලි තහනම්

මැතිවරණ අත්පත්‍රිකා ගෙන් ගෙට බෙදා හැරීමට යාමේ දී පෙරහැර හෝ පෙළපාළි ආකාරයට ජන සමූහ ලෙස ගමන් කිරීම මැතිවරණ කොමිෂන් සභාව මගින් තහනම් කර තිබෙනවා.

එසේ කටයුතු කරන්නට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.

අත්පත්‍රිකා බෙදා හැරීමේදී සංගීත වාදන සහ ප්‍රදර්ශන පූර්ව යොදා නොගත යුතු බවද මැතිවරණ කොමිෂන් සභාව සියලු පක්ෂවලට දැනුම් දී තිබෙනවා.

එමෙන්ම මැතිවරණ සමයේ දී දේශපාලන පුවත් හා ලිපි හෝ දැන්වීම් අතිරේක යනාදිය රජයේ හෝ රජයේ ආයතනවල වියදමින් පළ නොකරන ලෙසද දැනුම් දිය ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

රජයේ නිලධාරීන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා යොදාගැනීමෙන් වැලකිය යුතු බවත් රජය කාර්යාල පාසල් ආදී කිසිදු ආයතනයක හෝ එම පරිශ්‍රයන් සඳහා ආයාචනා කිරීම අත්පත්‍රිකා බෙදා හැරීම ප්‍රදර්ශන පුවරු හා ප්‍රදර්ශන පුවරු හා දැන්වීම් ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බව කොමිසම නිලධාරියෙක් සඳහන් කළා.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!