සජිත්ගේ නැගෙනහිර වේදිකාවේ චම්පික නෑ.දකුණේ වේදිකාවේ හකීම්, රිෂාඩ් නෑ


‘ඉතිහාසයේ කිසිම අවස්ථාවකවත් ජාතිවාදය තමන්ගේ දේශපාලනයට පාවිච්චි නොකළ එකම ව්‍යාපාරය ජාතික ජන බලවේගය විතරයි. ඔබ ඇත්තටම ජාතිවාදයට විරුද්ධ නම්, තෝරා ගන්න තිබෙන්නේ ජාතික ජන බලවේගය විතරයි. ජාතිවාදයට විරුද්ධයි කියලා චම්පික, සජිත් එක්ක නැත්නම්, රනිල්ට කතිරය ගහන්න දෙබිඩි පිළිවෙතක් එපා. ජාතිවාදයට එරෙහි ජාතික සමගිය පිළිබඳ ආණ්ඩුවක් ඕනෑ නම්, ඔබ කතිරය ගහන්න ඕනෑ ජාතික ජන බලවේගයට විතරයි.” අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජාතික ජන බලවේගයට සිංහල බහුතරයකගේ කැමැත්ත ඇති ආණ්ඩුවක් පමණක් සෑදීමට අවශ්‍ය නොවන අතර සිංහල,මුස්ලිම්,දෙමළ බහුතරයකගේ විශ්වාසය දිනා ගත් ආණ්ඩුවක් බව ජනාධිපතිවරණ ප්‍රචාරණ රැළියක් අතරතුර ඔහු සඳහන් කර සිටියා.

“පොහොට්ටුව කියන්නේ ජාතිවාදයේ එකතුවක්. දැන් ඒ පොහොට්ටුව පුංචි කෑල්ල මහින්ද එක්ක. තව කොටසක් රනිල් එක්ක. ඉතිරි කොටස සජිත් ප්‍රේමදාස එක්ක බෙදිලා ඉන්නේ 2019දී මුස්ලිම් විරෝධී කටයුතු කළ අයයි. මුස්ලිම් විරෝධී ආණ්ඩුව තුළ සිටි අය දැන් රනිල්, සජිත්, නාමල් වශයෙන් තුනට බෙදිලා ඉන්නවා. සජිත් ප්‍රේමදාස නැගෙනහිරට එන කොට චම්පික රණවක හංගලා එන්නේ හකීම් එක්ක. නමුත්, දකුණට යන්නේ චම්පිකත් එක්ක. මාතරට හකීම් එක්ක හෝ රිෂාඩ් එක්ක යන්නේ නැහැ. එහෙ යන්නේ චම්පික, තිලංග සුමතිපාල, නාලක ගොඩහේවා වාගේ අයත් එක්ක. එතැන දෙබිඩිකමක් නැද්ද? මහරගම ජාතිවාදී වේදිකාවේ චම්පිකලා, තිලංගලා එකට නැඟ හිටියා. ඒ දෙන්නාම අද සජිත්ගේ වේදිකාවේ. ඉතිහාසයේ විවිධ අවස්ථාවල ජාතිවාදී දේශපාලනය කර තියාගෙන ගිය කට්ටිය තුනට බෙදිලා.

දකුණේ සිංහල බහුතර ජනතාවක් මාලිමාවත් එක්ක. දකුණ, සබරගමුව, බස්නාහිර, උතුරු මැද, මධ්‍යම, වයඹ වාගේ සෑම පළාතකම බහුතර ජනතාව අප වටා එක් වී සිටිනවා. ඒ අය අපෙන් අහන්නේ “සහෝදරයා, නැඟෙනහිර කොහොම වෙයිද” කියලා. රටම එක විදියට එන කොට නැඟෙනහිර විතරක් වෙන පාරක යනවාද? ඔබලාට අපි ආරාධනා කරන්නේ මේ සැරේ ජාතික ජන බලවේගය තෝරා ගන්න කියලයි.

නියමිතව තිබෙන්නේ ජනාධිපතිවරණය. ඒ වෙලාවේදී ජාතික ජන බලවේගයට ඡන්දය දී, මහා මැතිවරණය ආවාම ඔබ කැමැති, ඔබගේ පළාතට ඕනෑ මන්ත්‍රී කෙනෙක් පත් කර ගන්න. හැබැයි, ඒ තෝරා ගන්න කොටත්, හරියට තෝරා ගන්න. 2019දී මුස්ලිම් කොන්ග්‍රසයට කතිරය ගහලා තවුෆික් පාර්ලිමේන්තුවට යැව්වා, හාරිස් පාර්ලිමේන්තුවට යැව්වා, ෆයිසර් කාසිම් පාර්ලිමේන්තුවට යැව්වා. ගෝඨාභය පරාජය කරන්න කියලා ඡන්දය ඉල්ලපු අය. පාර්ලිමේන්තුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවැනි සංශෝධනය ගෙන ආවේ ගෝඨාභයගේ බලය වැඩි කරන්න. 

ගෝඨාභයට විරුද්ධව ඔබලා ඡන්දය දුන්නත්, ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගිහින් ගෝඨාභයගේ බලය වැඩි කරන්න ඡන්දය දුන්නා. ජනාධිපතිවරණයේ දී අපට ඡන්දය දී පරණ දේවල් හොයලා බලලා පාර්ලිමේන්තු මැතිවරණයකදී ඔබලා කැමැති නායකයකුට ඡන්දය දෙන්න. අනෙක් පක්‍ෂවල අයට ප්‍රතිපත්ති නැහැ, කරුණු නැහැ. ඒක නිසා මඩ, අවලාද නඟනවා. සිංහල ප්‍රදේශවලට අපි ගිහින් ආවාම පෙරහැර නතර කරන බව සජබයේ කට්ටිය කියනවා.

සමහර හාමුදුරුවන් වහන්සේලාත් කියන්නේ අපි ආවාම දානය නතර කරනවා කියලා. සිංහල ජනතාවට ඒ විදියට කියලා මුස්ලිම් ප්‍රදේශවලට ආවාම කියන්නේ අපේ ආණ්ඩුවක් යටතේ ඔබලා පස් වතාවක් වඳින එක නතර කරනවාලු. ව්‍යාපාර කරන්න දෙන්නේ නැහැලු. රැවුල වවන්න දෙන්නේ නැහැ කියනවා.”

__tpx__

Latest News

More like this

චීනය රහසේ ඔත්තු බැලීම් සඳහා මී මැස්සන්ගේ මොළය හැසිරවිය හැකි ගැජට් එකක් සොයාගනී

මී මැස්සන්ගේ මොළයට පාලක ඇතුළු කර ඔවුන් පියාසර කළ...

ඉන්දීය බිහිසුණු ගුවන් අනතුරට හේතුව අනාවරණය වේ…

පසුගිය ජුනි මාසයේ ඉන්දියාවේ අහ්මදාබාද් හි දී පුද්ගලයින් 260...

මනුවර්ණට තනතුරක්..

කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපති ලෙස...

ජූලි චෑන්ගෙන් පසු ශ්‍රී ලංකාවට එන නව ඇමරිකානු තානාපතිවරයා..

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ මීළඟ අමෙරිකා එක්සත් ජනපදයේ...
error: Content is protected !!