(Lakvahini) – ඔන්න අද අපේ Gossip එක පැත්තෙන් අරගෙන ආවේ කාංචනා අනුරාධිගේ අලුත්ම “මනමාල කතා” සින්දුව පිටිපස්සේ තියෙන හීනියට ඇඟ කිති කවලා යන, ඒ වගේම ටිකක් හොල්මන් සීන් එකක් ගැනයි!
ඔයාලා දන්නවනේ මේ සින්දුවේ “කළු කුමාරයාගේ” චරිතයට රඟපාන්නේ අපේ සජිත ඇන්තනි කියලා. හැබැයි මේ නිර්මාණය කරන්න කලින් කාංචනා මේ කළු කුමාර දෝෂය, එහෙමත් නැත්නම් කළු කුමාර දිෂ්ටිය වැහිච්ච ගෑණු ළමයි ගැන ලොකු රිසර්ච් එකක් කරලා තියෙනවා.
ඔන්න ඔහොම ඉන්නකොට තමා වැඩේ සිද්ධ වෙන්නේ! මේ සින්දුවේ ඇඳුම් නිර්මාණය කරපු ශිල්පියාගේ නංගි කෙනෙක්ට ඇත්තටම මේ කළු කුමාර දිෂ්ටිය වැහිලා තියෙනවලු. එයා කාංචනාට කතා කරලා කිව්ව කතාව ඇහුවොත් ඔයාලගේ ඇඟත් හිරිවැටිලා යාවි!
ඒ නංගි කියන විදිහට, එයා නිදාගත්තට පස්සේ කවුරුහරි ඇවිත් එයා එක්ක ලිංගිකව එකතු වෙනවා වගේ හැඟෙනවලු. ඒ එන කෙනා හොඳටම කළු, හැබැයි හිනාවෙනකොට මුතු වගේ ලස්සන දත් දෙපළක් තියෙනවලු! සුදු පාට ආභරණ පළඳින, සුදු නෙළුම් මල් මාලයකුයි දාගෙන මීහරකෙක්ගේ පිටේ එන මේ කළු කුමාරයාගේ ඇස් නිල්ම නිල් පාටයිලු. ඒ බැල්මෙන් බේරෙන්න බැරුව ඒ පිරිමියාට තමන් උමතු වෙලා ඉන්නවා කියලා තමා ඒ නංගි කියන්නේ.
හැබැයි මෙතන තමා හොඳම Gossip එක තියෙන්නේ! මේ නංගි තමන්ට පේන ඒ කළු කුමාරයාගේ පින්තූරයක් ඇඳලා කාංචනාට එවලා තියෙනවා. බලනකොට… ඒ පින්තූරේ ඉන්න කළු කුමාරයාගේ දත් දෙපළ, අපේ සජිත ඇන්තනිගේ දත් දෙපළ වගේමලු! ඇත්තටම කළු කුමාරයා කියන්නේ සජිතමද කියලා හිතෙන තරමට ඒක සමානයිලු!
ඉතින් යාළුවනේ, මේ වගේ අත්භූත, මානසික අත්දැකීම් එකතු කරගෙන තමා කාංචනාලා මේ අපූරු නිර්මාණය අපිට අරන් ඇවිත් තියෙන්නේ.
