(Lakvahini) – මෙරට නිරූපණ සහ විලාසිතා ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සලකුණු කරමින්, ශ්‍රී ලංකාවේ වැඩිම නිරූපිකාවන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු “Pearls of Sri Lanka” සුවිශේෂී රූ රැජිණ තරඟාවලියේ අවසන් මහා තරඟය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) අති උත්කර්ෂවත් අන්දමින් නිමාවට පත්විය.
හුදෙක් බාහිර රූපලාවන්‍යය අභිබවා ගිය ආත්ම විශ්වාසය, විනය සහ වෘත්තීයමය කලාවක් ප්‍රදර්ශනය කෙරුණු මෙම දැවැන්ත තරඟාවලිය, ජාත්‍යන්තර මට්ටමේ ප්‍රධාන තරඟ කාණ්ඩ තුනක් ඔස්සේ මෙරට අනාගත රූ රැජිණියන් තේරීම වෙනුවෙන් සංවිධානය කර තිබුණි.
මෙම තරඟාවලිය ප්‍රධාන අංශ දෙකකින් සමන්විත වූ අතර, එහි පළමු වැදගත් පියවරක් වූ දක්ෂතා ඇගයීමේ අදියර (Talent Round) පසුගිය මැයි මාසයේදී කොළඹ පෝට් සිටි (Port City) පරිශ්‍රයේදී පවත්වනු ලැබීය. මුළු තරඟකාරිණියන් 74 දෙනෙකු අතුරින් දක්ෂතම තරඟකාරිණියන් 26 දෙනෙකු අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.
අවසන් මහා තරඟයේදී එම 26 දෙනා අතුරින් විශිෂ්ටතම 12 දෙනා තෝරාගත් අතර, ඉන් නිරූපිකාවන් 09 දෙනෙකු ප්‍රධාන ක්ෂේත්‍ර තුනක් යටතේ ජයග්‍රාහී කිරුළු පැළඳීමට සමත් වූහ.
තරඟ කාණ්ඩ තුන යටතේ ප්‍රධාන කිරුළු සහ අනුශූරතාවන් දිනාගත් ජයග්‍රාහිකාවන් මෙසේය:
Miss Tourism World කාණ්ඩය
කිරුළ: අංජනා නේත්‍රාංජලී
පළමු අනුශූරතාව: කෂ්මි පංචමා
දෙවන අනුශූරතාව: නෙත්මි මෙන්ඩිස්
Miss Global International කාණ්ඩය
කිරුළ: ෆියෝනා පෙරේරා
පළමු අනුශූරතාව: කුෂාණි කෝසලා
දෙවන අනුශූරතාව: දල්මි රණවිර
MS Sri Lanka Earth කාණ්ඩය
කිරුළ: සෙනාෂා සිරවර්ධන
පළමු අනුශූරතාව: ටාෂියා මනුල්
දෙවන අනුශූරතාව: සනාරා බණ්ඩාර
මෙම සුවිශේෂී රාත්‍රිය හැඩගැන්වීම සඳහා මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටි අතර, ඒ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ලිමිනි රාජපක්ෂ මහත්මිය ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී වූහ.
ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් නිල විනිසුරු මඬුල්ල ලෙස කටයුතු කරනු ලැබුවේ:
වෛද්‍ය අසංක වීරසිංහ (ජාතික අධ්‍යක්ෂක), රොෂෙල් ප‍්‍රැන්කට් (ප්‍රවීණ නිරූපිකා), සේනක ද සිල්වා (ප්‍රවීණ ඇඳුම් නිර්මාණ ශිල්පී), චූලා පද්මනාදන් (ප්‍රවීණ නිරූපණ ශිල්පිනී), එලීනා ලැම්බට් (ප්‍රවීණ නිරූපිකා), ටිනී ශෙහාරි සහ අමා දිසානායක (ප්‍රවීණ මනෝ උපදේශිකා)
කැමරා කාච දහස් ගණනක අවධානය සහ විදුලි ආලෝකය මධ්‍යයේ වේදිකාවක් මතින් ජාත්‍යන්තරයට පියනැගීමට සිහින දකින මෙරට තරුණියන්ගේ එම සිහිනය යථාර්ථයක් බවට පත් කරමින්, “Pearls of Sri Lanka” තරඟාවලිය ශ්‍රී ලාංකීය විලාසිතා ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත් විය.
