අවසන් දින දහය තීරණාත්මකයි: දක්ෂිනාංශික කඳවුරම එක් වෙයි.අනුරට එරෙහිව කුමන්ත්‍රණයක් 

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය වැළැක්වීම සඳහා  ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස එක් කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව අප වාර්තා කළේ මීට සති කිහිපයකට ඉහතදීය.

තීරණාත්මක සාකච්ඡා කිහිපයක් ඒ වෙනුවෙන් සිදු වී ඇති බවත් කිසිදු අපේක්ෂකයෙකුට 50% සීමාව ඉක්මවා යාමට නොහැකි යන උපකල්පනය මත දෙවෙනි මනාපය රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස අතර බෙදා ගැනීම සඳහා තීරණාත්මක සාකච්ඡා වට ගණනාවක් සිදුව ඇති බව අප වාර්තා කළා.

අනුර කුමාර දිසානායක මහතා ද මීට මාසයකට පමණ පෙර පැවසුවේ තක්කඩි රැළ අවසාන මොහොතේ එකම කොටයකට ගොඩවීමට නියමිත බවයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරණයට තව දින කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී ඊයේ කොට්ටාවේ පැවති ජාතික ජන බලවේගයේ රැළියක් අතරතුර අනුර කුමාර දිසානායක මහතා සිය ජයග්‍රහණය වැළැක්වීම සඳහා මේ වන විට උත්සාහයන් කිහිපයක් සිදුවෙමින් පවතින බව අවධාරණය කර තිබෙනවා.

“කිසිම සැකයක් නෑ අපට ජයග්‍රහණය කරන්න පුළුවන්.ජාතික ජන බලවේගය ජයග්‍රහණය වැළැක්වීම සඳහා උත්සාහ කරමින් සිටිනවා විවිධ දේවල්.එකක් තමයි මේ බෙදිලා වේදිකාවල ඉන්න අය එක වේදිකාවට එන්න දැන් කතාබහක් පටන්ගෙන තියෙනවා.බෙදිලා වෙන් වෙලා හිටියට  ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තිවල වෙනසක් නැහැ.එකයි.මහජනයාගේ මුදල් බෙදා ගැනීම සම්බන්ධයෙන් බෙදිලා නෑ එකයි.රටේ මුදල්  නාස්ති කිරීම සම්බන්ධයෙන් බෙදලා නෑ එකයි.

ප්‍රථම වතාවට සැප්තැම්බර් මාසේ 21 වෙනිදා පටන් ගන්නේ හොරකම් නොකරන වංචා නොකරන නාස්ති නොකරන ආණ්ඩුවක්.”

 මේ සඳහා ප්‍රධාන පෙළේ බටහිර තානාපති කාර්යාලයක මෙහෙයුමක් ඔස්සේ ද මේ වන විට සියලු බලවේග අනුරගේ ජයග්‍රහණය වෙනුවෙන් එකතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

Latest News

More like this

අධිවේගයේ බස් රථවල මගීන්ට ආසන බඳ පටි පැළඳීම අනිවාර්ය කෙරේ

එළැඹෙන සැප්තැම්බර් මාසයේ මුල සිට අධිවේගී මාර්ගවල ධාවනය වන...

යෝජිත විදුලි පනත සම්මතයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් හා ජනමත විචාරණයක් අවශ්‍යයි

යෝජිත විදුලි බල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට...

එජා මානව හිමිකම් මහ කොමසාරිස්ට වැරදීමක්.. සමලිංගික විවාහ නීති ගත කරන පනත් කෙටුම්පතක් ගෙනත් නැහැ..

ශ්‍රී ලංකාවේ සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා පනත් කෙටුම්පතක්...

චීන වවුලගෙන් පැතිරෙන බ්‍රෑන්ඩ් නිව් වෛරස 20ක් සොයාගනී

චීනයේ වවුලන්ගේ වකුගඩු ආශ්‍රිතව කරනු ලැබූ පර්යේෂණයකින් මිනිසුන්ට ආසාදනය...
error: Content is protected !!