සජිත්ගෙන් පොලිසියේ සමාන ශ්‍රේණිවලට සමාන ගෙවීම්

ගෞරවනීය පොලිස් සේවයක් බිහිකිරීම සඳහා කැපවෙන බව අවධාරණය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැටුප් විෂමතා විසඳීම සඳහා ‘සමාන ශ්‍රේණි සඳහා සමාන ගෙවීම්’ ක්‍රමයක් හඳුන්වා දෙන බව ඊයේ (30) ප්‍රකාශ කළා

නිකවැරටිය ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ප්‍රේමදාස මහතා කියා සිටියේ වත්මන් රජය විසින් දැනට පොලිසියට ලබාදී ඇති තාවකාලික විශේෂ දීමනාව ඉදිරි සජබ රජයක් යටතේද අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි. 

“අපි අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ සිටින නිලධාරීන් මෙන්ම සියලුම රාජ්‍ය සේවකයන් ගැන සොයා බලනවා” ඔහු ප්‍රතිඥා දෙමින් කියා සිටියා.

තවත් පොරොන්දු රැසක් ඉදිරිපත් කරමින් ඔහු ප්‍රකාශ කළේ කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක් රුපියල් 5000කට ලබාදෙන බවයි.

 මීට අමතරව, ගොවීන්, ධීවරයින්, ත්‍රිරෝද රථ, පාසල් වෑන් රථ සහ සහල් මෝල් හිමියන්ට QR කේත හරහා ඉන්ධන සපයන බව ද කියා සිටියා.

 “වත්මන් පාලන තන්ත්‍රය අනුග්‍රහය දක්වන්නේ තෝරාගත් කිහිප දෙනෙකුට පමණයි. 

 මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ණය කපා හැර, ඇප නොමැතිව ණය ලබා දී තිබෙනවා.

මහාපරිමාණ ව්‍යාපාරිකයන්ට ණය දෙන්න පුළුවන් නම් ගොවීන්ගේ ණය කපා හැරීමට නොහැකි කිසිම හේතුවක් නැහැ.

සමහරු කියනවා මගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරන්න බැහැ කියලා.  කෙසේ වෙතත්, පාසල් සහ රෝහල් සඳහා ආධාර ලබා දීමට සමත් වූ අපි එය ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පෙන්වා තිබෙනවා.”

Latest News

More like this

බදුල්ලේ වයස අවුරුදු 15ක දරුවෙක්ට ඒඩ්ස්

බදුල්ල දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 15ක දරුවකුට HIV ආසාදනය වී...

රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් තුළ එළිදැක්වෙනවා… ඇමති නලින්ද

රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මාධ්‍ය ප්‍රතිපත්තිය ඉදිරි මාස...

වාහන ආනයනය හා විදෙස් සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැහැ… ඇමති නලින්ද ජයතිස්ස

වාහන ආනයනය සහ විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැති...

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගයට නම් කළේ ඇයි?

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු...
error: Content is protected !!