රූකාන්ත චන්ද්‍රලේකාට ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තුවෙන් ඇගයීමක්

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් සුවිසල් දායකත්වයක් සපයන සංගීත පුරාවෘත්තයන් දෙදෙනෙකු වන රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරාට උපහාර දැක්වීමේ විශේෂ උත්සවයක් අගෝස්තු 27 වැනි දින ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.

රූ සඳ රෑ ප්‍රසංගය වෙනුවෙන් රූකාන්ත ගුණතිලක ප්‍රමුඛ චන්ද්‍රලේකා පෙරේරා, රයිනී චාරුකා ගුණතිලක, සනුක වික්‍රමසිංහ සහ වින්ඩි විසිනුයි වික්ටෝරියා පාර්ලිමේන්තුවේදී මෙම සහතික හිමි කරගනු ලැබුවේ.

මෙම ඇගයීම් උළෙල සංවිධානය කර තිබුණේ ව්‍යවස්ථාදායක සභාවේ විපක්ෂ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඉවාන් මුල්හෝලන්ඩ්, විපක්ෂ නායක ජෝන් පෙසුට්ටෝ, පාර්ලිමේන්තු මන්ත්‍රී රිචඩ් වෙල්ච් යන පිරිසකගේ සහභාගීත්වයෙන්.

ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති මෙම සහතික පිරිනැමීමේ අවස්ථාවේදී ශිල්පි රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරාට ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට කළ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් විශේෂ සම්මාන ද්විත්වයක් පිරිනැමීම ද විශේෂත්වයක් වුණා.

එමෙන්ම ඔවුන්ගේ දියණියන් වන රයිනි චාරුකා ගුණතිලක සහ වින්ඩි ගුණතිලක ද එහිදී සම්මානයට පාත්‍ර වුණා.

මෙම අවස්ථාව සඳහා සනුක වික්‍රමසිංහට ද ආරාධනා කර තිබුණ ද ඔහුට එම මොහොතට සහභාගී වීමට නොහැකි වූ බවයි වාර්තා වන්නේ.

__tpx__

Latest News

More like this

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...

අනුරගේ දැඩි මිත්‍රත්වය වෙනුවෙන් ජපාන වෛද්‍ය කණ්ඩායමක් ලංකාවට එයි

ශ්‍රී ලංකාවේ හදිසි ආපදා තත්ත්වය වෙනුවෙන් සහයෝගය ලබා දීමට...