3% ක් 20%ක් වෙලා පිට්ටනියකට බැස්සම ලොකුවට පේනවා

“ලක්ෂ දෙකහමාරක් ඉන්න රනිල් සීයා ගැන ඇයි කතා කරන්නේ,තේරුමක් නෑ. ප්‍රධාන තරගෙ තියන්නෙ සමගි ජන බලවේගයයි ජනතා විමුක්ති පෙරමුණ අතරනේ” යැයි මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම ජාතික ජන බලවේගයට විශාල රැල්ලක් ඇති බවත් ඔවුන්ගේ ජනරැළි තුළ විශාල ජන සහභාගීත්වයක් ලැබීම පිළිබඳ සඳහන් කරමින් ඔහු සියයට තුනක ඡන්ද ප්‍රතිශතයක් තිබූ පක්ෂයකට සියයට විස්සක් පමණ වූ විට විශාල ලෙස පෙනෙන බව සඳහන් කර තිබෙනවා.

“3%ක් 20%ක් වෙලා පිට්ටනියට බැස්සහම ලොකුවට පේනවා.ඒත් 42%,50%ක් වුණාම ලොකුවට පේන්නේ නෑ ඒක. මැදවච්චිය වේවා, කුරුණෑගල වේවා,තංගල්ල වේවා, වැල්ලවාය වේවා,ඕනෑම තැනකට සජිත් ප්‍රේමදාස මහතා යනකොට ගිය පාර අපි ඇප නැතුව පැරදිච්ච හැම තැනකම ග්‍රාමීය ජනතාව දුක් විඳින ජනතාව, පීඩා විඳින ජනතාව ඔක්කොම අපේ පැත්තට ඇවිල්ලා ඉන්නෙ.

ජනතා විමුක්ති පෙරමුණට වැඩපිළිවෙළක් නැහැ කියන එක ඒගොල්ලෝ දන්නවා.ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වපු තැන මත දෙකක හිටපු කට්ටිය තමයි එතන ඉන්නේ 13 එපා කියලා ටිල්වින් ඉන්නවා,13 ඕන කියලා හරිනේ ඉන්නවා.

හොඳ සෞඛ්‍ය පද්ධතියක් ඕන කියන නලින්ද ජයතිස්ස ඉන්නවා,ඇට නැතුව ගංජා ගහන්න ඕන කියන ලාලුත් ඉන්නවා.

IMF එපා කියන අනුරත් ඉන්නවා.IMF කියන ඕන කියන අනුරත් ඉන්නවා.ලොකු අයගෙන් අරගෙන පොඩි අයට දෙන එක මහා කජ්ජක්ද කියලා අහන අනුරත් ඉන්නවා,V8 ඇයි එක යන අනුරත් ඉන්නවා.

ඩිජිටල් ආර්ථිකයක් හදනවා කියන මුදල් ඇමති මාළිමාවේ,මාළිමාව කියල එකක් නෑ,ජේ.වී පී එකේ මුදල් ඇමති කියනවා ඉන්‍ටර්නෙට් එක කියන්නේ හොක් ගාලා ඕන වෙලාවක කැඩෙන්න පුළුවන් එකක් කියලා.

ශ්‍රී මහ බෝධිය කියන්නෙ නිකන්ම ගහක් කියන නලින් හේවගේත් ඉන්නවා.ශ්‍රී මහා බෝධිය වඳින්න යන විජිත හේරතුත් ඉන්නවා.”

ඉතින් මේක පිස්සුවක් කියල ජනතාව තේරුම් ගත යුතු බව ඒ මහතා කියා සිටියා.

Latest News

More like this

විපතෙන් ගොඩ ඒමට චීනයත් ආධාර කරයි

දීට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශකාරී ගංවතුර සහ නායයෑම්...

විපතට පත්වූවන් මුදාගනිමින් සිටියදී ජීවිතය පිදූ කීර්තිමත් නියමුවා පිළිබඳ ගුවන් හමුදාවෙන් නිවේදනයක්

වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශය අසල අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට...

කැලණිය පන්සල අසල වේල්ලේ ජල මට්ටම උපරිමයට එයි.. අවධානයෙන් සිටින්නැයි ඉල්ලීමක්

කැලණිය විහාරස්ථානය අසල පිහිටා ඇති හා කැලණිය ප්‍රාදේශීය ලේකම්...

චැලැන්ජ් එකකට ක්ෂණික ආහාර අධික ලෙස ගත් යෝග්‍යතා පුහුණුකරුවාට අත් වූ ඉරණම

ප්‍රසිද්ධ යෝග්‍යතා පුහුණුකරුවෙකු ක්ෂණික ආහාර අධික අත්හදා බැලීමක් අතරතුර...