කෙස් වැටිය හැලෙන්නම කොණ්ඩේ හැදූ සැලෝන් හිමිකාරිය අල්ලන්න වරෙන්තු

හිසකෙස් සකස් කිරීමේ දී ගල්වන ලද ආලේපයක් හේතුවෙන් කාන්තාවකගේ කෙස් කළඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය හා ඇගේ සේවිකාවන් දෙදෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මිනුවන්ගොඩ  මහේස්ත්‍රාත් ටී තේනබදු මහත්මිය අද (03) පොලිසියට නියෝග කර තිබෙනවා.

ඒ පිළිබඳ සෝදිසි වරෙන්තුවක් නිකුත් කරමින් රූපලාවණ්‍යාගාරයේ භාවිතා කරන ආලේපන වර්ග පරීක්ෂා කර ඒවායේ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පාරිභෝගික අධිකාරියට ද නියෝග කරනු ලැබුවා.

මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ සාදයකට සහභාගි වීම සඳහා සිය හිසකෙස් සකසා ගැනීමට ඉකුත් (30) වැනි දා මිනුවන්ගොඩ නගරයේ රූපලාවන්‍යාගාරයකට ගිය කාන්තාවකගේ හිසට ආලේපන ගැල්වීමෙන් පසු කෙස් කළඹ ගැලවී යාමේ සිද්ධිය පිළිබඳව මිනුවන්ගොඩ ‍පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය මගින් මිනුවන්ගොඩ  මහේස්ත්‍රත් අධිකරණයට අද කරුණු වාර්තා කිරීමෙන් අනතුරුවයි.

මෙම තත්ත්වයට මුහුණ දුන්නේ මිනුවන්ගොඩ බොරුගොඩවත්ත ප්‍රදේශයේ තිස්පස් හැවිරිදි කාන්තාවක්.

අදාල සිදුවීමෙන් පසු එම රූපලාවන්‍යාගාරයේ පවත්වාගෙන ගිය එහි හිමිකාර කාන්තාව සහ ඇයගේ සහායක සේවිකාවන් දෙදෙනා රූපලාවන්‍යාගාරය වසා දමා පලා ගොස් ඇති බවත් පසුව ඔවුන්ගේ නිවෙස් පරීක්ෂාවට ගිය අවස්ථාවේදී ඔවුන් නිවෙස් වලින්ද පලා ගොස් සැඟවී සිටින බව පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළා.

Latest News

More like this

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...

රාජිත අත්අඩංගුවට ගන්නේ නම් 18 දා උසාවියට කරුණු කියන්නැයි අල්ලස් කොමිසමට දැනුම් දීමක්

හිටපු ධීවර අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට...

යහපාලනයේ ‘සැමට සෙවණ’ ප්‍රචාරණ වියදම කෝටි 52යි

යහපාලන රජය සමයේ ක්‍රියාත්මක කරන ලද 'සැමට සෙවණ' ආදර්ශ...

යුක්‍රේන-රුසියානු යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගෙන් තීරණාත්මක තීන්දුවක්

රුසියානු ආක්‍රමණයට එරෙහිව සටන් කිරීමට උපකාර කිරීම සඳහා යුක්‍රේනයට...
error: Content is protected !!