කෙස් වැටිය හැලෙන්නම කොණ්ඩේ හැදූ සැලෝන් හිමිකාරිය අල්ලන්න වරෙන්තු

හිසකෙස් සකස් කිරීමේ දී ගල්වන ලද ආලේපයක් හේතුවෙන් කාන්තාවකගේ කෙස් කළඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය හා ඇගේ සේවිකාවන් දෙදෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මිනුවන්ගොඩ  මහේස්ත්‍රාත් ටී තේනබදු මහත්මිය අද (03) පොලිසියට නියෝග කර තිබෙනවා.

ඒ පිළිබඳ සෝදිසි වරෙන්තුවක් නිකුත් කරමින් රූපලාවණ්‍යාගාරයේ භාවිතා කරන ආලේපන වර්ග පරීක්ෂා කර ඒවායේ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පාරිභෝගික අධිකාරියට ද නියෝග කරනු ලැබුවා.

මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ සාදයකට සහභාගි වීම සඳහා සිය හිසකෙස් සකසා ගැනීමට ඉකුත් (30) වැනි දා මිනුවන්ගොඩ නගරයේ රූපලාවන්‍යාගාරයකට ගිය කාන්තාවකගේ හිසට ආලේපන ගැල්වීමෙන් පසු කෙස් කළඹ ගැලවී යාමේ සිද්ධිය පිළිබඳව මිනුවන්ගොඩ ‍පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය මගින් මිනුවන්ගොඩ  මහේස්ත්‍රත් අධිකරණයට අද කරුණු වාර්තා කිරීමෙන් අනතුරුවයි.

මෙම තත්ත්වයට මුහුණ දුන්නේ මිනුවන්ගොඩ බොරුගොඩවත්ත ප්‍රදේශයේ තිස්පස් හැවිරිදි කාන්තාවක්.

අදාල සිදුවීමෙන් පසු එම රූපලාවන්‍යාගාරයේ පවත්වාගෙන ගිය එහි හිමිකාර කාන්තාව සහ ඇයගේ සහායක සේවිකාවන් දෙදෙනා රූපලාවන්‍යාගාරය වසා දමා පලා ගොස් ඇති බවත් පසුව ඔවුන්ගේ නිවෙස් පරීක්ෂාවට ගිය අවස්ථාවේදී ඔවුන් නිවෙස් වලින්ද පලා ගොස් සැඟවී සිටින බව පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළා.

Latest News

More like this

සහන බෙදන රජයේ නිලධාරීන්ට දරාගත නොහැකි තරම් පීඩනයක්

ශ්‍රී ලංකාව පුරා දැඩි විනාශයක් සිදු කළ සුළි කුණාටුවෙන්...

ආධාර හරියට බෙදනවාදැයි නිරීක්ෂණයට සජිත්ගෙන් ආපදා තොරතුරු කේන්ද්‍රයක්

දිට්වා සුළි කුණාටුව නිසා අපදාවට පත් ජනතාව සම්බන්ධයෙන් තොරතුරු...

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...