හොඳ හොඳ සෙල්ලම් අන්තිම සතියේ..Too Late හැබැයි හොඳේ

රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස තවමත් සාකච්ඡාවලට අවතීර්ණ වී නොමැති වුවත් ජනාධිපතිවරණයට පෙර අවසාන දින කිහිපයේ ඔවුන් එක් කිරීමට දෙවැනි පෙළ අතර රහස් සාකච්ඡා සිදු වෙමින් පවතින බව අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

“තවම රනිල් සජිත් සාකච්ඡාවේ නෑ.අවංකව කියන්න එපැයි.දෙන්නා අතර ගැටුම ලොකුයි.හැබැයි දෙවැනි පෙළ කට්ටිය දැන් එකිනෙකා කතා කරන්න පටන් අරගෙන තියෙනවා.දැන් මාර වැඩේ වෙන්න යන්නේ.

අපි දෙගොල්ලො බෙදිලා ඡන්දෙ ඉල්ලුවා.අපි හිතුවා බෙදිලා දිනන්න පුළුවන් වෙයි කියලා.හැබැයි අපි නොහිතුව විදියට ජාතික ජන බලවේගය නැගිටමින් සිටිනවා.අපි බෙදිලා හිටියොත් දෙගොල්ලම අමාරුවේ.ඒ නිසා එකතු වෙන්න බැරිද කියලා කතා වෙනවා.එහෙන් මද්දුම බණ්ඩාරට මෙහෙට කෝල් එනවා.

මේ පැත්තෙන් සාගල රත්නායකට කෝල් එනවා.දැන් දෙගොල්ලො කතා වෙනවා.අපිට කියන්න තියෙන්නේ මොකක්ද දන්නව ද දැන් වැඩක් නෑ too late කියලා.”

එමෙන්ම අවසාන සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවය විශාල මුදලක් වැය කොට ජනතා විමුක්ති පෙරමුණට අපහාස කිරීමට හා මඩ ගැසීමට රූපවාහිනී දැන්වීම් මාලාවක් සකස් කරමින් සිටින බව ද අනුර කුමාර දිසානායක මහතා මෙහි දී අනාවරණය කළා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (02) දිනයේ බදුල්ල නගරයේ පැවති ජන රැළිය අතරතුරදීය.

Latest News

More like this

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...