හොඳ හොඳ සෙල්ලම් අන්තිම සතියේ..Too Late හැබැයි හොඳේ

රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස තවමත් සාකච්ඡාවලට අවතීර්ණ වී නොමැති වුවත් ජනාධිපතිවරණයට පෙර අවසාන දින කිහිපයේ ඔවුන් එක් කිරීමට දෙවැනි පෙළ අතර රහස් සාකච්ඡා සිදු වෙමින් පවතින බව අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

“තවම රනිල් සජිත් සාකච්ඡාවේ නෑ.අවංකව කියන්න එපැයි.දෙන්නා අතර ගැටුම ලොකුයි.හැබැයි දෙවැනි පෙළ කට්ටිය දැන් එකිනෙකා කතා කරන්න පටන් අරගෙන තියෙනවා.දැන් මාර වැඩේ වෙන්න යන්නේ.

අපි දෙගොල්ලො බෙදිලා ඡන්දෙ ඉල්ලුවා.අපි හිතුවා බෙදිලා දිනන්න පුළුවන් වෙයි කියලා.හැබැයි අපි නොහිතුව විදියට ජාතික ජන බලවේගය නැගිටමින් සිටිනවා.අපි බෙදිලා හිටියොත් දෙගොල්ලම අමාරුවේ.ඒ නිසා එකතු වෙන්න බැරිද කියලා කතා වෙනවා.එහෙන් මද්දුම බණ්ඩාරට මෙහෙට කෝල් එනවා.

මේ පැත්තෙන් සාගල රත්නායකට කෝල් එනවා.දැන් දෙගොල්ලො කතා වෙනවා.අපිට කියන්න තියෙන්නේ මොකක්ද දන්නව ද දැන් වැඩක් නෑ too late කියලා.”

එමෙන්ම අවසාන සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවය විශාල මුදලක් වැය කොට ජනතා විමුක්ති පෙරමුණට අපහාස කිරීමට හා මඩ ගැසීමට රූපවාහිනී දැන්වීම් මාලාවක් සකස් කරමින් සිටින බව ද අනුර කුමාර දිසානායක මහතා මෙහි දී අනාවරණය කළා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (02) දිනයේ බදුල්ල නගරයේ පැවති ජන රැළිය අතරතුරදීය.

Latest News

More like this

ශ්‍රී ලංකා පොලිස් ෆේස්බුක් පිටුවෙන් බ්ලොක් කිරීමට එරෙහිව මානව හිමිකම් ගිය තරුණයා

ශ්‍රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක් පිටුවෙන් තම ෆේස්බුක් ගිණුම...

පැය 48කදී ඊශ්‍රායලය ගාසා තීරයේ 300ක් ඝාතනය කරයි

පසුගිය පැය 48 තුළ ඊශ්‍රායල හමුදා විසින් පලස්තීන ජාතිකයින්...

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස 6ක සිර දඬුවමක්

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට බංගලාදේශයේ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය...

ඇමරිකානු ගායක ෂෝන් ඩිඩී කෝම්බ්ස්ට වසර 20ක සිර දඬුවමක් නියම වන ලකුණු

ඇමරිකානු ගායකයෙකු වන ෂෝන් 'ඩිඩී' කෝම්බ්ස්ට එරෙහිව ගණිකා වෘත්තියට...
error: Content is protected !!