සිය බිරිඳට මත්පෙති වර්ග ලබා දෙමින් දශකයකට ආසන්න කාලයක් තම නිවස තුළදී නාඳුනන පුද්ගලයන් 80කට වැඩි පිරිසකට ඇයව දූෂණය කිරීමට ආරාධනා කළ බව කියන සැමියෙකු පිළිබඳ ප්‍රංශය කම්පනයට පත් කළ නඩුවක් සඳුදා විභාගයට ගැනුණා.
කාන්තාව අපයෝජනයට සම්බන්ධ බවට චෝදනා ලැබ සිටින 71 හැවිරිදි සැමියා ඇතුළු පිරිමින් පනස් දෙනෙකු අවිග්නොන්හි උසාවියේ නඩු විභාගයට සහභාගී කෙරුණු අතර. නඩු විභාගය ආරම්භ වන විට කළු ඇඳුමින් සැරසුණු ස්ත්‍රීවාදීන් උසාවියෙන් පිටත විරෝධතා දැක්වූ බව වාර්තා වෙනවා.
ඇයට ලිංගික හිංසනයන් සිදු කිරීම සඳහා ඇයගේ සිහිකල්පනාව නැති කිරීම සඳහා ඇයට බෙහෙත් වර්ග ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
වසර 10 කට වැඩි කාල සීමාවක් මෙම හිංසනය විඳ ගත් නමුත් අදාළ අවස්ථාවේ සිහිය මඳ වීම නිසා ඇය මේ පිළිබඳ නොදැන සිට ඇති බව ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණය හමුවේ පවසා තිබෙනවා.
මෙම ලිංගික අපයෝජනය ආරම්භ වී තිබුණේ 2011 වසරේදී මෙම යුවළ පැරිස් ආසන්නයේ පදිංචිව සිටියදීය.
පොලිසිය අනාවරණය කරගෙන ඇති පරිදි මෙම පුද්ගලයා බිරිඳට ලිංගික අතවර කිරීම සඳහා නාඳුනන පුද්ගලයින් කුලියට ගැනීමට වෙබ් අඩවියක් භාවිතා කර ඇති බව සඳහන්.රාත්‍රියේදී ඇයව අපයෝජනය කරන විට ඇයව අවදි නොකරන ලෙස ඔහු පිරිමින්ට පවසා ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරු ද මෙම ස්ත්‍රී දූෂණවලට සහභාගී වෙමින් ඒවා පටිගත කර අනෙක් පිරිමින්ට අසභ්‍ය වචන භාවිතා කරමින් ඒවාට අනුබල දී ඇතැයි අනාවරණය වී තිබෙනවා.
2020 සැප්තැම්බරයේදී, සාප්පු මධ්‍යස්ථානයක කාන්තාවන් තිදෙනෙකු රහසිගත ලෙස රූගත කරමින් සිටිය දී සිටියදී ප්‍රංශ පොලිසිය මොහු අත්අඩංගුවට ගෙන තිබුණා. පොලිසිය ඔහුගේ පරිගණකය පරීක්ෂා කළ අතර එහිදී ඔහුගේ බිරිඳගේ ඡායාරූප සහ වීඩියෝ දහස් ගණනක් සොයා ගැනීමට සමත් වුණා.
එම ඡායාරූපවල සහ වීඩියෝවල ඇය සිහිසුන්ව සිටි බවයි සඳහන් වන්නේ.