මාලිමා රැල්ලට බිය වී අරුන්දික ස්වාධීන වෙයි.. රනිල්ට සජිත්ට එකතු වෙන්න කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා අද (04) සිට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව පවසා තිබෙනවා.

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කරන ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ මීට සුළු මොහොතකට පෙර පැවති පාර්ලිමේන්තු සැසිවාරය අතරතුර සභාව අමතමිනි.

විනාශකාරී ව්‍යාපාරය බලයට ඒම වැළැක්වීමට එකතුවන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අත් දෙක එක්කොට ඉල්ලා සිටින බව ඔහු කියා සිටියා.

“දැන් මේක විනාශකාරී තැනකට ගරු කතානායකතුමනි ගෙනියමින් තියෙන්නේ.මම හිතනවා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන නායකයෝ ඉන්නවනම් මෙතන, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන නායකයින් ඉන්නවනම් මෙතන නැවත වතාවක් මේ රට වෛරී දේශපාලනයට පළිගන්නා වූ දේශපාලනයට ගෙවල් ගිනි තියෙන දේශපාලනයට, පාර්ලිමේන්තුව ගිනි තියෙන දේශපාලනයට, යන්න දෙන්නේ නැතුව මේක ආරක්ෂා කරන්න කැමති අය ඉන්නව නම් මං හිතනවා ඒ සියලු දෙනා එකට එකතු වෙන්න ඕන.

කවුරු හරි නායකයෙක් මේකෙ ඉස්සරහින් ඉන්නවනම් ඒ නායකයාගෙ කකුලෙන් අදින්නෙ නැතුව ඒ කණ්ඩායමේ වැඩපිළිවෙළ පරාජයට පත් කරන්න කවුරු හරි ඉන්නවනම් මේ වැඩසටහන ඉස්සරහට ගෙනියන්න ඕන.

මම පසුගිය සැප්තැම්බර් 1 වෙනි දා පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත මැතිවරණ කොට්ඨාශයේ හලාවත නගර මධ්‍යයට ජනාධිපතිතුමා ගෙනැල්ලා දැවැන්ත රැළියක් කරා. ඒත් මට පොඩි කනගාටුවක් තියෙනවා. අපි පක්ෂ කිහිපයක් එකතු වෙලා මේ දේශපාලනය කරන්නෙ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු නියෝජනය කරන මන්ත්‍රීවරු එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරු එකතුවෙලා තමයි මේක කරගෙන යන්නෙ. අදටත් එක්සත් ජාතික පක්ෂයේ එතුමාට සහයෝගය දෙන කණ්ඩායමට කිසිම සහයෝගයක් නෑ. මට තේරෙන්නේ නෑ මොකක්ද මේ වෙන්නේ කියලා. දැන් අපිට පේනවා වෙන බලවේගයක් ක්‍රියාත්මක වෙනවා කියලා. අශුද්ධ සන්ධානය අශුද්ධ ව්‍යාපාරය බලයට ගේන්න මොකක් හරි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා.”

ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස එම බලවේගය පරාජය කිරීමට පමණක් එක්විය හැකි ඕනෑම අයෙකු සමඟ අද සිට සාකච්ඡා කරනවා යැයි අරුන්දික ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Latest News

More like this

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා… අගමැතිනි හරිනි

ජාතික ජන බලවේගයේ 'ලස්සන රටක් පොහොසත් ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්...