සජිත් ඡන්ද ලක්ෂ 70 පැන්නා..නතර වෙන තැන හිතා ගන්න බෑ

සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස ජනාධිපති වීම සඳහා අවශ්‍ය ඡන්ද ලක්ෂ හැත්තෑව මේ වන විට සම්පූර්ණ කර ඇති බවත් ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා ලබාගන්නා ඡන්ද සංඛ්‍යාව ලක්ෂ හැත්තෑවද ඉක්මවන නිසා එම ගණන සිතාගැනීමට නොහැකි බව එස්.එම් මරික්කාර් මහතා පවසනවා.

දකුණ, නැඟෙනහිර, කඳුකරය මෙන්ම මේ වන විට උතුරේ ජනතාවගේ සහායද සජිත් ප්‍රේමදාස මහතාට ලැබී ඇති බවයි ඔහු සඳහන් කළේ.

එම නිසා රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය ලබාදීමට බලා සිටි අයටද සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය ලබා දෙන්නැයි  ඔහු ඉල්ලා සිටියා.

ඔහු මේ බව සඳහන් කළේ කොලොන්නාව ප්‍රදේශයේදී පැවති මහජන හමුවක් අවසානයේ මාධ්‍ය අමතමිනි.

Latest News

More like this

බදුල්ලේ වයස අවුරුදු 15ක දරුවෙක්ට ඒඩ්ස්

බදුල්ල දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 15ක දරුවකුට HIV ආසාදනය වී...

රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් තුළ එළිදැක්වෙනවා… ඇමති නලින්ද

රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මාධ්‍ය ප්‍රතිපත්තිය ඉදිරි මාස...

වාහන ආනයනය හා විදෙස් සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැහැ… ඇමති නලින්ද ජයතිස්ස

වාහන ආනයනය සහ විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැති...

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගයට නම් කළේ ඇයි?

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු...
error: Content is protected !!