ජනාධිපති වුණොත් මහ මැතිවරණය තෙක් රට පාලනය කරන්නේ මෙහෙමයි..අනුරගෙන් ප්‍රකාශයක්

සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළහොත්  පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණය පවත්වන තෙක් රටේ පාලනය කිසිවිටකත් ව්‍යවස්ථාවෙන් බාහිරව සිදු නොකරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර තිබෙනවා.

පසු ගිය දා සහභාගී වූ රූපාවහිනි සාකච්ඡාවක් අතරතුර මහා මැතිවරණයක් පැවැත්වෙන තුරු කාලසීමාවේ පාලනය සිදු කරන ආකරය පිළිබඳ මතුකළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ ඒ සඳහා ක්‍රම තුනක් පවතින බවයි.

ජනවරමේ බලය උපයෝගි කරගෙන ව්‍යවස්ථාව පසෙකින් තැබිමේ ක්‍රමයක් පවතින නමුත් තමා කිසිවිට එම ක්‍රමවේදය භාවිත නොකරන බව ඔහු කියා සිටියා.

“ව්‍යවස්ථාවට යටත්ව ඒ අන්තර්වාර කාල සීමාව පාලනය කිරීමේ ක්‍රම කිහිපයක් තිබෙනවා.එකක් තමයි මා ජනාධිපති වූ වහාම මගේ පාර්ලිමේන්තු ධුරය හිස් වෙනවා.එතනට අපි අලුත් කෙනෙක් පත් කරගත්තම මා ඇතුළු තව තුන්දෙනෙක් ඉන්නවා.අවශ්‍ය නම් ව්‍යවස්ථානුකූලයි.ඒ හතර දෙනාගෙන් කැබිනට් එක හදන්න පුළුවන්.

දෙවැනි අවස්ථාව,ජනාධිපතිවරයාට සියලුම විෂයන් පවරාගෙන රට ගෙනියන්න පුළුවන්.ව්‍යවස්ථාවට එකඟයි.

තුන්වෙනුව තියෙනවා අඔඉ කාලයක් තිස්සේ අපේක්ෂා කළා මැතිවරණයක් සාධාරණව පවත්වන්න නම් එක පක්ෂයකින් ආණ්ඩුවක් හැදෙනවා වෙනුවට අනිත් පක්ෂවල නියෝජිතයන්ගෙන් භාරකාර ආණ්ඩුවක් හදලා භාරකාර ආණ්ඩුවක් යටතේ මැතිවරණය පැවත්වීම වඩාත් ප්‍රජාතන්ත්‍රවාදියි.”

එබැවින් එම අවස්ථා තුනම පවතින නමුත් කැබිනට් එක ඒ මාසය තුළ හදිසිම අවස්ථාවක හැර රැස්වීම ද අනවශ්‍ය බව ඔහු කියා සිටියා.

Latest News

More like this

උඩුකය නිරුවතින් ඇවිද්ද විදෙස් කාන්තාව පිරිමියෙක්

ආරුගම්බේ ප්‍රදේශයේදී උඩුකය නිරුවතින් ඇවිදනු ලැබූ කාන්තාවක් බව පවසමින්...

ලංකාවේ තරුණයින්ට දරු සිහිනය අත් හරින්න වෙයි.. UNFPA වාර්තාව

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) විසින් මෑතකදී නිකුත් කරන...

ආරුගම්බේ උඩුකය නිරුවතින් ඇවිද්ද තායි කතට ලැබුණු දඬුවම

අම්පාර ආරුගම්බේ සංචාරක කලාපයේ උඩුකය නිරුවතින් ගමන් ගත් විදේශීය...

‘භාතිය’ නිදහස ලබයි

වෙඩි වැදීමක් හේතුවෙන් බරපතල අසාධ්‍ය තත්ත්වයෙන් දින ගණනාවක් ප්‍රතිකාර...
error: Content is protected !!