ඇමරිකාවේ උසස් පාසලක වෙඩි තැබීමක්..සිව් දෙනෙක් ජීවිතක්ෂයට

ඇමරිකා එක්සත් ජනපදයේ ජෝර්ජියා ප්‍රාන්තයේ අගනුවර වන ඇට්ලන්ටා නගරයේ උසස් පාසලක වෙඩි තැබීමකින් සිව් දෙනෙකු මිය ගොස් 30කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා. 

ඇට්ලන්ටා සිට ඊසාන දෙසින් සැතපුම් 45ක් පමණ දුරින් පිහිටි වින්ඩර් හි ඇපලාචි උසස් පාසලේ මෙම වෙඩි තැබීම වාර්තා වූ අතර සැකකරුවෙකු ලෙස පාසල් වයසේ පසුවන සිසුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව බලධාරීන් සඳහන් කර තිබෙනවා.

සමාජ මාධ්‍යවල වෛරල් වෙමින් පවතින දර්ශන වලින් පෙන්නුම් කරන පරිදි කලබලයට පත් දෙමාපියන් තම දරුවන් රැගෙන යාමට එම ස්ථානයට පැමිණෙන ආකාරයත් පොලිසිය සහ ගිලන්රථ උසස් පාසල දෙසට ගමන් කරමින් තිබෙන ආකාරයත් සටහන් වී තිබෙනවා.

තුවාල ලැබූවන් හෙලිකොප්ටර් මඟින් ඉවත් කරන ආකාරයද එම දර්ශනවල සටහන් වුණා.

ජෝර්ජියා ආණ්ඩුකාර බ්‍රයන් කෙම්ප් X හි සටහනක් තබමින් සියලු රාජ්‍ය ආයතන දරුවන් ගලවා ගැනීම සඳහා ක්‍රියාකාරී වු බව සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

බදුල්ලේ වයස අවුරුදු 15ක දරුවෙක්ට ඒඩ්ස්

බදුල්ල දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 15ක දරුවකුට HIV ආසාදනය වී...

රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් තුළ එළිදැක්වෙනවා… ඇමති නලින්ද

රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මාධ්‍ය ප්‍රතිපත්තිය ඉදිරි මාස...

වාහන ආනයනය හා විදෙස් සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැහැ… ඇමති නලින්ද ජයතිස්ස

වාහන ආනයනය සහ විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැති...

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගයට නම් කළේ ඇයි?

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු...
error: Content is protected !!