තැපැල් ඡන්ද 75%ක්ම රනිල්ට..චාමර සම්පත්

2024 ජනාධිපතිවරණයේ ඊයේ දිනයේ (04) ඇරඹුණු තැපැල් ඡන්ද විමසීම්වලින් 75%ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලැබී ඇති බව මේ වන විට පළවන සමීක්ෂණ වාර්තාවලින් කියවෙන බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දිසානායක මහතා පවසනවා. 

එමෙන්ම ඉදිරි දින දෙක තුළදීත් කළගුණ සලකන රාජ්‍ය සේවකයින් ජනාධිපතිවරයාට සිය මනාපය පල කරන බව විශ්වාස බව ද ඔහු සඳහන් කළා.

මහියංගනය ආසනය කියන්නේ ඓතිහාසික ආසනයක්. 1994 වසරදි පොදු පෙරමුණ රටේ සියලු ආසන  ජයග්‍රහණය කරන වෙලාවෙදි එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළේ මහියංගන ආසනය පමණයි.  අද මේ මහියංගනයට පැමිණි ජනතාව දිහා බැලූ විට 22 වැනිදාට මේ රටේ 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා 
පත්වීම ස්ථිරයි. 

අද තැපැල් ඡන්ද දිනයයි. අදත් දාපු තැපැල් ඡන්ද වලින් සියයට 75ක් ලැබී තිබෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බව සමීක්ෂණ කියනවා. රාජ්‍ය සේවකයින්ට රනිල් වික්‍රමසිංහ මහතා කළ සේවාව හොඳින් දන්න බව මට විශ්වාසයි.හෙට සහ අනිද්දා දිනවල පැවැත්වෙන තැපැල් ඡන්දත් රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය සේවකයන් මනාපය පළ කරනවා.සොරබොර වැව හදලා තියෙන්නේ සමන්ත විද්‍යා රත්න වගේ තමයි අද කතා කරන්නේ. 

කිසිම දෙයක් කරපු නැති ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් රට හදන්න කතා කරනවා. 2004 බදුල්ල දිස්ත්‍රික්කයේ වැඩි මනාපයෙන් සමන්ත විද්‍යාරත්න පාර්ලිමේන්තුවට  ගියා. බදුල්ල ජනතාවට මොකද කළේ.  සුනිල් හඳුන්නෙත්ති කියනවා යට ඇඳුම්වල හිල් තියෙනවා කියලා.  බදුල්ල ජනතාව මෝඩ නැහැ. 18 වංගුවේ ධාවනය කරන්න අලුත් රියදුරන්ට ඒ මාර්ගයේ ධාවනය කරන්න  බස් ලබා දෙන්නේ නෑ. ඒ වගේ තමයි ලංකාවේ ආර්ථිකයත් මේ වෙලාවෙ තියෙන්නේ 18 වංගු 
වගෙයි. ඒ නිසා එය ධාවනය කිරීමට හැකි,  පළපුරුද්ද ක් තියෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාර දිය යුතුයි.

Latest News

More like this

ට්‍රම්ප්ට ඩිමෙන්ෂියා ද?

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා FIFA Club ලෝක...

යුක්‍රේනයට මොස්කව් ඉලක්ක කිරීමට ඉඩ දෙන්නේ නැහැ… ට්‍රම්ප්කියයි

යුක්‍රේනය මොස්කව් ඉලක්ක නොකළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ඇසළ පෙරහරේ ආසන රු 65,000ට නගී

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ නැරඹුම් ආසන ටිකට්පත් රුපියල් 50,000ත්...

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...
error: Content is protected !!