රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ චක්‍රලේඛය 21 ට පෙර දෙන්න..ස්ටාලින්ලා රජයට බල කරයි

ගුරුවරුන්, විදුහල්පතිවරුන් ඇතුළු රජයේ සේවකයන්ගේ යෝජිත වැටුප් වර්ධක ප්‍රකාශ කිරීමේ චක්‍රලේඛය සැප්තැම්බර් 21 වැනිදාට පෙර නිකුත් කරන ලෙස ලංකා ගුරු සංගමය රජයට බලකර තිබෙනවා.

එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ චක්‍රලේඛ නිකුත් කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් නොවන බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන වේදිකාවල කරන ප්‍රකාශ සත්‍ය නම් මැතිවරණ දිනයට පෙර චක්‍රලේඛයක් නිකුත් කළ යුතුයි. රජය මීට පෙර විශ්‍රාමිකයන්ගේ දීමනා වැඩි කිරීමට චක්‍රලේඛයක් නිකුත් කර තිබුණා.

“සෑම ජනාධිපති අපේක්ෂකයෙක්ම රජයේ සේවකයන්ගේ වැටුප් වර්ධක ඉලක්ක කරගෙන ප්‍රකාශ නිකුත් කරනවා. වැටුප් විෂමතා ප්‍රශ්න ගැන ප්‍රකාශ කිරීමේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සැලකිය යුතු තැනක් ගන්නවා.

වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් පසුගිය ඔක්තෝම්බර් 24 වනදා විරෝධතාවක නිරත වුණා. එදා රජය විසඳුම් දුන්නේ නැහැ. කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරවලින් ඔවුන්ට සැලකුවා.”

මේ සම්බන්ධයෙන් විවිධ දේශපාලන වේදිකාවේදිකාවල විවිධ අපේක්ෂකයින් විවිධ ප්‍රකාශ සිදු කරමින් සිටියි.

“මීට කලින් ජනාධිපතිතුමා කිව්වා අවශ්‍ය වැටුප් වැඩිවීම දෙන්න නම් වැට් බද්ද වැඩි කළ යුතුයි කියලා. නමුත් දැන් ආණ්ඩුව වහාම වැටුප් වර්ධකවලට යන්න සාකච්ඡා අරඹා තිබෙනවා.ඔවුන්ගේ වැටුප් වර්ධක අනුව පළමු ශ්‍රේණියේ ගුරු වැටුප 67%කින් වැඩි කිරීමට නියමිතයි. ” ස්ටාලින් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

Latest News

More like this

අධ්‍යාපන අමාත්‍යාංශය සිරිමාවෝ විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෑතකදී පැවති වර්ණ සම්මාන ප්‍රදානය කිරීමේ...

නාකොටික් එකේ ඉතාම රහසිගත තොරතුරු පද්ධතියකට ජාවාරම්කරුවන් ඇතුළු වෙලා

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඉතාම රහසිගත තොරතුරු මහා පරිමාණ...

වැඩබලන විගණකාධිපතිවරයෙකු හෝ පත් කර ගැනීමට නොහැකිව විගණන වැඩ ඇණ හිටී..

පසුගිය සති දෙකක කාලය තුළ වැඩබලන විගණකාධිපතිවරයෙකු හෝ පත්...

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...