පාහියන්ගල ආනන්ද සාගර හිමියන්ගෙන් මනූෂ මිලියන 500 ක වන්දියක් ඉල්ලයි

විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීමට එරෙහිව පාහියන්ගල ආනන්දසාගර හිමියන්ට එරෙහිව හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා නීතිමය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව පළමු පියවර ලෙස අසත්‍ය, පදනම් විරහිත ප්‍රකාශ නිකුත් කළ ආනන්දසාගර හිමියන්ට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා මනූෂ නානායක්කාර මහතා සිය නීතිඥයන් මඟින් ආනන්දසාගර හිමියන් වෙත එන්තරවාසියක් යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

මනූෂ නානායක්කාර මහතා සිය නීතිඥයන් මඟින් මෙම එන්තරවාසිය ඊයේ (04) යවා තිබුණා.

හිටපු අමාත්‍යවරයාගේ ඥාතියකුට අයත් විදේශ රැකියා ඒජන්සියකින් විදේශ රැකියා සඳහා පුද්ගලයන් යොමු කර ඇති බවටත් ඒ මඟින් කෝටි ගණනින් මුදල් උපයා ඇති බවට ආනන්දසාගර හිමියන් කර ඇති ප්‍රකාශවල කිසිදු පදනමක් නැති බව ද මනූෂ නානායක්කාර මහතා සිය නීතිඥයන් මඟින් යොමු කරන ලද එන්තරවාසියේ දැක්වෙනවා.

මනූෂ නානායක්කාර මහතාගේ නම අවස්ථා කිහිපයකදීම සඳහන් කරමින් චේතනාන්විතව අපහාස කිරීමේ අරමුණින් ආනන්දසාගර හිමියන් විසින් ප්‍රකාශ නිකුත් කර තිබෙන බව ද එන්තරවාසියේ සඳහන්.

මෙසේ අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් අපහාස කිරීමට කටයුතු කිරීමට එරෙහිව රුපියල් මිලියන පන්සියයක වන්දිය දින 14ක් ඇතුළත ගෙවා අවසන් කරන ලෙසත් එසේ නොවන්නේ නම් අධිකරණයේ නඩු පවරා වන්දි මුදල, ඊට අදාළ අලාභ සහ නඩු ගාස්තු අය කර ගැනීමට කටයුතු කරන බව ද මනූෂ නානායක්කාර මහතා සිය නීතිඥයන් මඟින් යොමු කළ එන්තරවාසියේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

Latest News

More like this

ට්‍රම්ප්ට ඩිමෙන්ෂියා ද?

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා FIFA Club ලෝක...

යුක්‍රේනයට මොස්කව් ඉලක්ක කිරීමට ඉඩ දෙන්නේ නැහැ… ට්‍රම්ප්කියයි

යුක්‍රේනය මොස්කව් ඉලක්ක නොකළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ඇසළ පෙරහරේ ආසන රු 65,000ට නගී

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ නැරඹුම් ආසන ටිකට්පත් රුපියල් 50,000ත්...

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...
error: Content is protected !!