මනූෂගේ සියලු හොරකම් හෙට එළියට..

විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීමට එරෙහිව පාහියන්ගල ආනන්දසාගර හිමියන්ට එරෙහිව හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා නීතිමය පියවර ගෙන ඇති අතර එයට ආනන්ද සාගර හිමියන් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ප්‍රතිචාර දක්වා තිබෙනවා.

“හෙට සියලු හොරකම් හෙලි කරනවා.. , අහිංසක මිනිස්සු රට යන්නේ සැප විදින්න නොවේ .ඒ අහිංසකයන්ගේ සීරිමාංස උරා බොමින් මේ කරන මචර කාලකන්නි හොරා කෑම දිගින් දිගටම හෙළිකරනවා.. මනූෂ ඔයා මතක තියා ගන්න ඔයාගේ මේ වැඩ වලට අපි බය නෑ. බය කරන්නත් බෑ .. සුදානම් වෙන්න හිරේ යන්න..”

පදනම් විරහිත ප්‍රකාශ නිකුත් කළ ආනන්දසාගර හිමියන්ට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා මනූෂ නානායක්කාර මහතා සිය නීතිඥයන් මඟින් ආනන්දසාගර හිමියන් වෙත එන්තරවාසියක් යොමු කර ඊයේ (04) යවා තිබුණා.

හිටපු අමාත්‍යවරයාගේ ඥාතියකුට අයත් විදේශ රැකියා ඒජන්සියකින් විදේශ රැකියා සඳහා පුද්ගලයන් යොමු කර ඇති බවටත් ඒ මඟින් කෝටි ගණනින් මුදල් උපයා ඇති බවට ආනන්දසාගර හිමියන් කර ඇති ප්‍රකාශවල කිසිදු පදනමක් නැති බව ද මනූෂ නානායක්කාර මහතා සිය නීතිඥයන් මඟින් යොමු කරන ලද එන්තරවාසියේ දැක්වෙනවා.

මනූෂ නානායක්කාර මහතාගේ නම අවස්ථා කිහිපයකදීම සඳහන් කරමින් චේතනාන්විතව අපහාස කිරීමේ අරමුණින් ආනන්දසාගර හිමියන් විසින් ප්‍රකාශ නිකුත් කර තිබෙන බව ද එන්තරවාසියේ සඳහන්.

මෙසේ අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් අපහාස කිරීමට කටයුතු කිරීමට එරෙහිව රුපියල් මිලියන පන්සියයක වන්දිය දින 14ක් ඇතුළත ගෙවා අවසන් කරන ලෙසත් එසේ නොවන්නේ නම් අධිකරණයේ නඩු පවරා වන්දි මුදල, ඊට අදාළ අලාභ සහ නඩු ගාස්තු අය කර ගැනීමට කටයුතු කරන බව ද මනූෂ නානායක්කාර මහතා සිය නීතිඥයන් මඟින් යොමු කළ එන්තරවාසියේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

Latest News

More like this

චීනය රහසේ ඔත්තු බැලීම් සඳහා මී මැස්සන්ගේ මොළය හැසිරවිය හැකි ගැජට් එකක් සොයාගනී

මී මැස්සන්ගේ මොළයට පාලක ඇතුළු කර ඔවුන් පියාසර කළ...

ඉන්දීය බිහිසුණු ගුවන් අනතුරට හේතුව අනාවරණය වේ…

පසුගිය ජුනි මාසයේ ඉන්දියාවේ අහ්මදාබාද් හි දී පුද්ගලයින් 260...

මනුවර්ණට තනතුරක්..

කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපති ලෙස...

ජූලි චෑන්ගෙන් පසු ශ්‍රී ලංකාවට එන නව ඇමරිකානු තානාපතිවරයා..

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ මීළඟ අමෙරිකා එක්සත් ජනපදයේ...
error: Content is protected !!