සජිත් ලෑස්ති වෙන්නේ හමුදා කප්පාදුවකට..දෙබිඩි ප්‍රතිපත්තිය ගැන රනිල්ගෙන් අනාවරණයක්

සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට ප්‍රතිපත්ති ප්‍රකාශ දෙකක් එළිදක්වා ඇති බවත් එම ප්‍රතිපත්ති ප්‍රකාශ දෙකේ පවතින කරුණුවල බරපතල පරස්පරතාවන් පෙන්නුම් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

“දැන් බලමුකෝ සජබෙ දිහා.මොකක්ද ටීම් එක.මෙයාලට බැරිවෙලා තියෙනවා එක මැතිවරණ ප්‍රකාශයක් ගේන්න.දෙකක් තියෙනවා.

එකක් තියෙනව සැමට ජය කියලා.අනෙක තියෙනවා Blueprint 3 කියලා.ටීම් දෙකක් තියෙනවා.එක පැත්තක ඉන්නවා ජී.ඇල් පීරිස් නාලක ගොඩහේවා. අනිත් පැත්තෙ ඉන්නවා හර්ෂයි,එරානුයි,කබීරුයි,හරියට යන්නෙ කොහෙද කියලවත් දන්නෙ නෑ.

සැමට ජය එකේ කියනවා අපි පෝර කිලෝ 50 ක මල්ලක් රු 5000 කට ලබා දෙන්නෙමු කියලා.Blueprint 3 එකේ ඔය සහන එකක්වත් සඳහන් කරල නෑ.

Blueprint 3 එයාලා කියනවා 24 වෙනි පිටුවේ හමුදා වියදම් ශ්‍රී ලංකාව සතුව පුද්ගලයින් 100 කට ලෝකෙ 10 වැනි විශාලම ක්‍රියාකාරි හමුදා සාමාජිකයන් ප්‍රමාණයක් සිටියි.අප විසින් අනාගත ආරක්ෂාව මනාව සැලසුම් කර හමුදාව තුළ ස්වාභාවික ඉවත් වීමට ඉඩ සලසනවා. ඒ කියන්නෙ අඩු කරනවා.

49 පිටුවේ කියනවා ආරක්ෂක වියදම් නැවත පරීක්ෂා කිරීම හා නැවත තක්සෙරු කිරීම.ඒ කියන්නෙ හමුදා වියදම් අඩු කරනව කියලා.

අනිත් එක සජිත් මොකක්ද විපක්ෂ නායක හැටියට කළේ.එයා ඉඩ දුන්නා අනුරට නැගලා එන්න.සජිත්ට බෑ අනුර කුමාර දිසානායක පරද්දන්න.මෙතන ඉන්නෙ එක්සත් ජාතික පක්ෂයේ අය.ගිය පාර සමහරු සජිත්ට දුන්නා.මං කියන්නෙ සජිත්ට මේක කරන්න බෑ.ඒ අය යූඑන්පීයට අයිති නෑ සජිත්ට ඡන්දෙ දීලා වැඩක් නෑ.සජිත්ට ඡන්දෙ දෙනවා කියන්නෙ අනුරට ඔක්සිජන් දෙනවා කියන එක.දැන් මිනිස්සු සජබෙට කියන්නෙ AKD ඔක්සිජන් කියලා.

Latest News

More like this

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා… අගමැතිනි හරිනි

ජාතික ජන බලවේගයේ 'ලස්සන රටක් පොහොසත් ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්...