කෙන්යාවේ පාසලක ඇතිවූ ගින්නෙන් සිසුන් 17ක් ජීවිතක්ෂයට

කෙන්යාවේ පාසල් නේවාසිකාගාරයක ඇති වූ ගින්නකින් සිසුන් 17 දෙනෙකු මිය ගොස් තවත් 13 දෙනෙකු බරපතල ලෙස පිළිස්සුම් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

එරට පොලිසිය පවසන්නේ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.    

Nyeri ප්‍රාන්තයේ Hillside Endarasha ප්‍රාථමිකයේ බ්‍රහස්පතින්දා රාත්‍රියේ ඇති වූ ගින්නට හේතුව විමර්ශනය කරමින් පවතී.

එරට ජනාධිපති විලියම් රූටෝ සිදුවීම පිළිබඳ කණගාටුව පළ කරමින් මෙම විනාශකාරී සිදුවීමට එරෙහිව වහාම ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කර තිබෙනවා.

මේ අතර නේවාසික පාසල් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිර්දේශ කරන ලද ආරක්ෂක මාර්ගෝපදේශ අනුගමනය කරන බව සහතික කරන ලෙස රජය සියලුම පාසල් බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බව ද වාර්තා වෙනවා.

Latest News

More like this

ට්‍රම්ප්ට ඩිමෙන්ෂියා ද?

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා FIFA Club ලෝක...

යුක්‍රේනයට මොස්කව් ඉලක්ක කිරීමට ඉඩ දෙන්නේ නැහැ… ට්‍රම්ප්කියයි

යුක්‍රේනය මොස්කව් ඉලක්ක නොකළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ඇසළ පෙරහරේ ආසන රු 65,000ට නගී

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ නැරඹුම් ආසන ටිකට්පත් රුපියල් 50,000ත්...

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...
error: Content is protected !!