දිනුම් කණුව පෙනි පෙනී අනුර ලෙඩ වෙයි

අධික ලෙස වෙහෙස වීම නිසා වෛරස උණ රෝගයක් වැළඳීම හේතුවෙන් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට විවේක ගන්නා ලෙස වෛද්‍ය උපදෙස් ලැබී තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මාතර දෙයියන්දර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් කියා සිටියේ අනුර සහෝදරයා හදිසියේ අසනීප වීම නිසා මෙම රැලියට සහභාගී වීමට නොහැකි වන බවයි.

“අපේ අනුර සහෝදරයා ලෙඩ වෙලා.පහුගිය දවස්වල මහන්සි වුණා.නිදි මැරුවා.ඒ නිසා ලෙඩ වෙලා. උණ හැදිලා අද උදේ ඒකත් වැඩි වුණා.ඒ නිසා වෛද්‍යවරු උපදෙස් දීලා තියෙනවා එක දවසක් විවේකයෙන් ඉන්න ඕන කියලා. අපි තීරණය කළා ඔහුට අද විවේකයක් දෙන්න.”

අසනීප තත්ත්වය හේතුවෙන් අනුර කුමාර දිසානයක මහතා ඊයේ (7) සහභාගී වීමට නියමිතව සිටි ගාල්ලේ පැවති ව්‍යාපාරික ප්‍රජා රැස්වීමට ද ඒ මහතා සහභාගී වුණේ නැහැ.

ආරාධනා හෝටලයේදී පැවැත්වුණු එම රැස්වීමේ දී ඔහු වෙනුවට රැස්ව සිටි පිරිස ඇමතුවේ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාය.

කෙසේ වෙතත් අනුර කුමාර දිසානායක මහතා ඊයේ පෙරවරුවේ කොළඹදී පැවති ජාතික ජන බලවේගයේ නීතීඥ සමුළුවට සහ ක්‍රීඩා සමුළුවට සහභාගී වුණා.

Latest News

More like this

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...

රාජිත අත්අඩංගුවට ගන්නේ නම් 18 දා උසාවියට කරුණු කියන්නැයි අල්ලස් කොමිසමට දැනුම් දීමක්

හිටපු ධීවර අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට...

යහපාලනයේ ‘සැමට සෙවණ’ ප්‍රචාරණ වියදම කෝටි 52යි

යහපාලන රජය සමයේ ක්‍රියාත්මක කරන ලද 'සැමට සෙවණ' ආදර්ශ...

යුක්‍රේන-රුසියානු යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගෙන් තීරණාත්මක තීන්දුවක්

රුසියානු ආක්‍රමණයට එරෙහිව සටන් කිරීමට උපකාර කිරීම සඳහා යුක්‍රේනයට...
error: Content is protected !!